ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නයන ප්රභාත් අධිකාරි පොලිස් කාන්තාවකට අතවර කිරීමට උත්සාහ කර ඇත .
ඔහු ප්රථමයෙන්ම එම කාර්යාංශයේ කාන්තා පොලිස් නිලධාරිනියන්ට නවාතැන් ගැනීම සඳහා ස්ථාපිත කර ඇති නිවෙස්නයට අධික ලෙස මත්පැන් පානය කර බලහත්කාරයෙන් ඇතුළු වී තිබෙි.
ඉන් පසුව එහි දොරවල් වලට පහරදී විවෘත කරගෙන නේවාසිකාගාරයේ කාන්තා පොලිස් නිලධාරිනියන් නිදා ගන්නා ස්ථානයට ඇතුළු වී මෙම අකරතැබ්බ කිරීමට ඔහු ප්රයත්න දරා ඇත .
එම අවස්ථාවේ එහි නිදාගෙන සිටි කාන්තා පොලිස් කොස්තාපල් සයෝනාරා කෑ කෝ ගසා මේ පිළිබඳව එම අවස්ථාවේම තවත් පොලිස් නිලධාරියකු වන සඳරුවන් (77501) නැමැත්තාට දැනුම් දී ඇත .
පසුව ඔහු ඇතුළු පිරිසක් වහාම ක්රියාත්මක වී එම ස්ථානයට පැමිණ දැඩි ප්රයත්නයක් දරා එම කාන්තා පොලිස් නිලධාරියන්ව බේරාගෙන පොලිස් ස්ථානාධිපතිවරයාව එම ස්ථානයෙන් රැගෙන ගොස් ඇත.
එම සිද්ධියෙන් පසු මෙම පොලිස් ස්ථානාධිපතිවරයාව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසයේ අපරාධ විමර්ශන අංශයෙන් කොළඹ පොලිස් නාවික කොට්ඨාසයට මාරු කර යවා ඇත .
2022 ජනවාරි මස මුල් සතියේ රාත්රී දිනක මෙය සිදු වී තිබෙි.මෙම සිද්ධිය පිළිබඳව එම පොලිස් ස්ථානාධිපතිවරයාට විරුද්ධව චෝදනා පත්රයක් නිකුත් කළද ,ඉහළ පොලිස් නිලධාරීන්ගේ ආනුභාවයෙන් එම චෝදනා පත්රය ඉවත්කරගෙන පරීක්ෂණ යටපත් කිරීමේ කුට ක්රියාවලියක් මේ වනවිට දියත් වී ඇත.
