අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සුමිත් ප්‍රසාද් රණසිංහව පත් කර ඇත.
මීට පෙරද ඔහු කාලයක් එම දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේය. පසුව ඔහුව ඉවත් කර එහි නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ඩබ්ලිව්.තිලකරත්නව පත්කිරීමට පොලිස්පති චන්දන වික්‍රමරත්න පියවර ගැනිණි.
නමුත් ගෝල්පේස් අරගලකරුවන්ට ප්‍රහාර එල්ල කිරීම සහ ඊට පසු ඇති වූ සිද්ධීන් පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමේදී, නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්නට රාජපක්ෂ ආණ්ඩුවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇත.
එම නිසා පරීක්ෂණ නිසි ලෙස කිරීමට නොහැකි බව ප්‍රකාශ කරමින් ඩබ්ලිව්. තිලකරත්න පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබුණේ තමාට වහාම ස්ථාන මාරුවක් ලබා දෙන ලෙසය .ඒ අනුව ඔහුව එම ධූරයෙන් ඉවත් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සුමිත් ප්‍රසාද් රණසිංහව පත්කර ඇත. ඔහුටත් එහි තව කොපමණ කාලයක් සේවය කිරීමට හැකිවේද යන්න රහස් පොලිසියේම නිලධාරීන් අතර කතා බහට ලක් වී ඇති කරුණකි.