ලහිරු වීරසේකර, අමල් සාලින්ද, රතිදු සේනාරත්න (රැට්ටා) සහ රත්කරව්වේ ජිනරතන හිමි හැර අත්අඩංගුවට ගන්නා ලද අනෙක් අරගල නායකයන් සිව් දෙනාට ඇප ලබාදීමට කොටුව අධිකරණය තීරණය කළේය. මේ අනුව එරංග ගුණසේකර, ධම්මික මුණසිංහ, රංගන ශිල්පීන් වන ජෙහාන් අප්පුහාමි, ජගත් මනුවර්ණ ඇප පිට නිදහස් කිරීමට නියෝග කළේය.

එහෙත්, අත්අඩංගුවට ගන්නා ලද සියලු දෙනාට ඇප ලබා දෙන තුරු තමන් බන්ධනාගාරයෙන් පිටව නොයන බව ප්‍රකාශ කළ ඇප ලැබූ අරගල නායකයෝ තමන් වෙනුවෙන් ඇප තැනපත් නොකිරීමට තීරණය කළහ.

මැයි මස 09 වැනිදා මහින්ද රාජපක්ෂගේ ආශිර්වාදයෙන්, ජොන්ස්ටන් ප්‍රනාන්දු හා සනත් නිශාන්ත ඇතුළු පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ මෙහෙයවීමෙන් සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ‘නිහඬ රැකවරණය‘ සහිතව පැමිණි මැරයෝ සාමකාමී ගෝල්ෆේස් අරගලයට ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කළහ. එම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් මාසයක් ගත වී තිබියදීත් මැරයන් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළකරමින් ජුනි මස 09 වැනිදා පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කරනු ලැබීය. අරගලයට පහර දුන් මැරයන් අත්අඩංගුවට ගැනීමට මාසයක් යන තුරුත් ක්‍රියාත්මක නොවූ පොලිසිය ජුනි මස 09 වැනිදා උද්ඝෝෂණය කළ අරගලකරුවන් අත්අඩංගුවට ගැනීමට වහ වහා ක්‍රියාත්මක වූහ. එරංග, ධම්මික, ජෙහාන් හා මනුවර්ණ ඇප ප්‍රතික්ෂේප කරමින් විරෝධය පළ කළේ නීතිය ක්‍රියාත්මක කරවන ආයතනවල මෙම අනීතික හා අයුක්තිසහග ක්‍රියාවටයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published.