සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නම් කර සිටි මොනරාගල දිස්ත්‍රික් ලේකම් ධුරය දැරූ පත්මා වර්ණකුලසූරියගේ සැමියා හොර තක්කඩි වංචාකාරයෙකු බවට කරුණු අනාවරණය වෙමින් පවතී.
ඔහු විවිධ පුද්ගලයන් රවටමින් සහ මුළාකරමින් ඉතාමත් වංචනික ලෙස අනුන්ගේ ඉඩම් වලට හොර ඔප්පු සකස් කර විකිණීම, අන්සතු දේපොළ බලහත්කාරයෙන් සිය බලය අනිසි ලෙස යොදා ලබා ගැනීමට කටයුතු කිරීම, ළමා රැඳවුම් කඳවුරක් පවත්වාගෙන යමින් බාලවයස්කාර දරුවන් 25දෙනෙකුට අතවර කිරීම, මූල්‍ය වංචා ඇතුළු චෝදනා රාශියක් මේ වනවිට ඔහුට එල්ල වී ඇත.
තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකු ලෙස සේවය කරන පියරත්න බණ්ඩාර වර්ණකුලසූරිය නමැති මොහු පදිංචි වී සිටින්නේ තිස්සමහාරාම, කච්චේරියගම ,තිස්සවැව ,”හසරැලි ” නිවසේය. 632043988 v අංක දරන ජාතික හැඳුනුම්පතින් පෙනී සිටින මෙම නීතිඥවරයා තවදුරටත් සිය සේවයේ තබා ගැනීම පවා නීතිඥ වෘත්තිය කෙරෙහි ජනතාව තුළ යම් ගෞරවයක් ඇත්නම් , එයද කෙලෙසා දැමීමක් බව බොහෝ නීතිඥවරුන්ගේ අදහස වී ඇත.
එබැවින් මෙම නීතිඥවරයාට එරෙහිව මේ වනවිට එල්ලවී ඇති චෝදනා සහ අධිකරණයේ ඇති නඩු විභාග කඩිනම් කර ඔහුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීම ආණ්ඩුවේ, නීතිපති දෙපාර්තමේන්තුවේ සහ අගවිනිසුරු ජයන්ත ජයසූරියගේ වගකීම සහ යුතුකම හා කාර්යභාරය වන බව එම නීතිඥවරුන් තවදුරටත් ප්‍රකාශ කරන දෙයකි.
කොතරම් චෝදනා, පැමිණිලි සහ නඩු තිබුණ ද ඒ සියල්ල සිය බලය යොදා යටපත් කරමින් තවදුරටත් මොහු වංචනික ක්‍රියා වල නියැලීම බොහෝ දෙනාගේ දැඩි විවේචනයට හේතු වී ඇත. මොහුට එරෙහිව ආසන්නම චෝදනාව එල්ල වී ඇත්තේ රුපියල් ලක්ෂ 60ක මුදල් වංචාවක් සිදු කිරීමය.
ඒ නුගේගොඩ, පිටකෝට්ටේ,පාගොඩ පාර, ආනන්ද බාලිකා මාවතේ, අංක 29/9, දරන ස්ථානයේ පදිංචි වී සිටින දිසානායක මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩාරගේ නිල්මිණි දිසානායකට ඉඩමක් ලබා දෙන බවට පොරොන්දුවී රුපියල් ලක්ෂ 60ක මුදල් වංචාවක් සිදු කිරීමය.
මෙම වංචාව පිළිබඳවි ඇය නුගේගොඩ ,මිරිහාන විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණිලි කර ඇත. ඒ 2020 පෙබරවාරි මස 18 වැනිදාය. එය එම කාර්යාංශයේ පොලිස් පොතේ පිටු අංක 203 (SCIB – 3) ඉතාමත් පැහැදිලිව 36 වැනි ඡේදය යටතේ සටහන් වී ඇත.
එම පැමිණිල්ල මගින් ඇය ප්‍රකාශ කර සිටින්නේ සිය පුතාගේ මාර්ගයෙන් ඉඩමක් මිලදී ගැනීම සඳහා නීතිඥ පියරත්න බණ්ඩාර පත්මකුලසූරිය රුපියල් ලක්ෂ 60ක මුදලක් ලබා ගත්තද, අදාළ ඉඩම ලබා නොදී කට්ටි පනින බවය. ඉඩම ලබා නොදෙන්නේ නම් ,ආපසු තමන් ලබා දුන් මුදල් හෝ ලබා ගැනීමට උත්සාහ කළ ද එය ද සාර්ථක නොවූ බව ඇය ප්‍රකාශ කර සිටින්නීය.
2018 ජනවාරි මස 25 වැනිදා රුපියල් ලක්ෂ 15 ක්ද, 2018 පෙබරවාරි මස 5 වැනිදා රුපියල් ලක්ෂ 10ක් ද, 2018 පෙබරවාරි මස 19 වැනිදා රුපියල් ලක්ෂ 35 ක්ද යනාදී ආකාරයට රුපියල් ලක්ෂ 60 ක් නීතිඥ පියරත්න බණ්ඩාර පත්මකුලසූරියගේ බැංකු ගිණුමට ඇය විසින් බැර කර ඇත.
තිස්සමහාරාම ,සෙලාන් බැංකුවේ පිහිටි ඔහුගේ 037008653650001 අංක දරන බැංකු ගිණුම පරීක්ෂා කිරීමේදී එකී මුදල් නිවැරදි ආකාරයට ගිණුම්ගත වී ඇති බව අනාවරණය වෙයි.
ඒ අනුව නුගේගොඩ මිරිහාන විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශය මේ පිළිබඳව වසර දෙකකට ආසන්න කාලයක් පූර්ණ පරීක්ෂණයක් පවත්වා නිවැරදි තොරතුරු අනාවරණය කර ගැනීමෙන් අනතුරුව මෙම සිද්ධිය පිළිබඳව කටඋත්තර ලබාදීමට එම කාර්යාංශයට පැමිණෙන ලෙස අවස්ථා කිහිපයක්ම නීතිඥ පියරත්න බණ්ඩාර පත්මකුලසූරියට දැනුම් දුන්නද ඔහු පැමිණ නැත.
පසුව පොලීසිය මේ පිළිබඳව කරුණු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර අධිකරණ අවසරය මත ඔහුව අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කර ඇත. ඒ 2022 සැප්තැම්බර් මස 26 වැනි දාය. ඔහුට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට නඩු අංක B 1078/2020 යටතේ පොලීසිය කරුණු වාර්තා කර ඇත.
එම අවස්ථාවේ ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය වංචනික නීතිඥ පියරත්න බණ්ඩාර පත්මකුලසූරිය වෙනුවෙන් අධිකරණයේ කරුණු ඉදිරිපත් කර ඔහුව රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප මත නිදහස් කර ගැනීමට පියවරගෙන ඇත.
ජනාධිපති නීතිඥ උපුල් ජයසූරියද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නායකත්වය දරන සමගි ජනබලවේගයේ අයෙකි. මෙවැනි හොර ඉඩම් ගනුදෙනු සහ වංචනිකයන් වෙනුවෙන් පෙනී සිටින මෙම නීතිඥවරයාටද ඇති චෝදනා බොහෝය.
2020 අගෝස්තු මස 5 වැනිදා පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී අපේක්ෂක ලැයිස්තුවට සමගි ජන බලවේගය වෙනුවෙන් මෙම වංචාවට හවුල් නීතිඥ පියරත්න බණ්ඩාර පත්මකුලසූරියගේ බිරිඳ වන මොනරාගල දිස්ත්‍රික් ලේකම්වරිය ලෙස කටයුතු කළ පත්මා වර්ණකුලසූරියගේ නම ඇතුළත් කිරීමට කටයුතු කළේ සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාරගේ මූලිකත්වයෙනි.
මොනරාගල දිස්ත්‍රික් ලේකම්වරිය ලෙස කටයුතු කරමින් පත්මා වර්ණකුලසූරිය රංජිත් මද්දුමබණ්ඩාර සමග එකතුවී මොනරාගල දිස්ත්‍රික්කයෙහි බොහෝ ඉඩම් වංචා වලට හවුල් බවට ද ඇතැම් දෙනා එල්ල කරන චෝදනාවකි.
මෙවැනි හොර තක්කඩියන් පාර්ලිමේන්තුව වැනි නීති හදන ස්ථාන වලට යැවීමෙන් රටට අත්වන අගතිය කුමක්ද යන්න සිතීමට තවත් උදාහරණ කුමටද ? බලය නැති විට මොවූන් කරන හොර වැඩ අඩු මට්ටමක තිබේනම් බලය ලැබුණු විට මොන තරම් ඉහළ ආකාරයෙන් හොර වංචනික වැඩවල නියලී නීතියේ රැහැනෙන් බේරෙනු ඇද්ද යන්න සිතීම වටී.
ශ්‍රී ලාල් ප්‍රියන්ත