හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වූ ශිරන්ති රාජපක්ෂ කොළඹින් රුපියල් කෝටි තුනහමාරකට සුපිරි නිවසක් මිලදී ගෙන ඇත.

එහි ස්වභාවය නිරීක්ෂණය කිරීමේදී,එතරම් අඩු මුදලකට එම නිවස ලබා ගැනීමේ කිසිදු හැකියාවක් පෙන්නුම් කෙරෙන්නේ නැත. සැබවින්ම එම ඉඩමේ සහ නිවසේ වටිනාකම මීට වඩා වැඩිවිය යුතුය.වංචනික ලෙස තක්සේරු කර එය ලබාගෙන ඇති බව පැහැදිලිව පෙන්නුම් කරන කරුණකි.

එම නිවස පිහිටා ඇත්තේ කොළඹ 7, ටොරින්ටන් මාවතේ ,අංක 260 / 17 දරණ ස්ථානයේය. තට්ටු දෙකකින් පමණ යුත් එම නිවස මිලදී ගත් පසු නැවත යම් යම් දේවල් කඩා අලුත්වැඩියාවන්ද සිදු කර ඇත.

ඇය එම නිවස මිලදී ගෙන ඇත්තේ ශිරන්ති වික්‍රමසිංහ යන නමින් නොව,මේරී ලූඩ්ස් වික්‍රමසිංහ යන නමිනි. කිසිදු රැකියාවක් හෝ පිළිගත් ව්‍යාපාරයක් නොකරන ඇය රුපියල් කෝටි තුනහමාරක් වැය කර එම නිවස මිලදී ගත්තේ කෙසේද ?

ඇයට එම මුදල් කිසියම් පුද්ගලයෙක් දුන්නාද ? නැත්නම් බැංකුවකින් ණයක් ලබා ගත්තාද ? යම් හෙයකින් ණයක් ලබා ගත්තද ,එය ගෙවීම සඳහා අවශ්‍ය කරුණු කාරණා බැංකුව වෙත ඉදිරිපත් කළ යුතුය .නමුත් කිසිදු රැකියාවක් හෝ ව්‍යාපාරයක් නොකරන ශිරන්ති රාජපක්ෂ බැංකු ණය ආපසු ගෙවිය හැකි යැයි පෙන්නුම් කරන්නේ කුමන පදනමකින්ද ?

එබැවින් ඇය මෙම නිවස මිලදී ගැනීම සඳහා යොදා ගත් මුදල් අනිවාර්යෙන්ම කිසියම් කූට ක්‍රමයකින් ඉපයූ මුදල් විය හැක.රැකියාවක් නොකරමින් නිවසක සාමාන්‍ය ජීවිතයක් ගතකරන මේ රටේ වෙනත් කාන්තාවන්ටත් මෙලෙස නිවාස මිලදී ගත හැකිද ?

එසේ නම් එය ආශ්චර්යයක් විය යුතුය. නැත්නම්, ලොතරැයි ජයග්‍රහණයක් හෝ වෙනත් නීති විරෝධී ක්‍රමයකින් ඉපයූ මුදල් විය යුතුය. සාමාන්‍ය සමාජයේ සාමාන්‍ය කාන්තාවන්ගේ ස්වභාවය එයනම්,ශිරන්ති රාජපක්ෂ රුපියල් කෝටි තුනහමාරක් වැයකර මෙම නිවස ගැනීමම ප්‍රශ්නයක් නොවේද ?

රාජපක්ෂ පවුල මේ රටේ ජාතික ධනය අමු අමුවේම උලා කෑ බවට ඇති චෝදනා එමටය .එවැනි ස්වභාවයක් තුළ මෙම මිලදී ගැනීම පිටුපසද ඇත්තේ මේ රටේ අහිංසක මහජනතාවගේ සූරාගත් මුදල් නොවේද ?එබැවින් මේවා පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කර ඒවා නැවත ජනතාව සතුකර ගැනීමට අවශ්‍ය පියවර ගැනීම ජනතාවම සතු පරම වගකීමකි.

මෙහි ඇති තවත් සුවිශේෂී කරුණක් නම්, මෙම නිවසේ ආරක්ෂාවට යුධ හමුදා සෙබළුන් පස් දෙනෙකු යොදවා ඇත. එය සිදුවූයේ කෙසේද ? මෙය තනිකරම ශිරන්ති රාජපක්ෂගේ පුද්ගලික නිවසකි.එසේනම්, එයට රජයේ යුද හමුදා සෙබළුන් ආරක්ෂාවට යොදවන්නේ කෙසේද ?

මෙය ඉතාමත් බරපතළ කරුණකි.වංචනික ලෙස සිය දේශපාලන බලය යොදවා අයුතු ලෙස මුදල් උපයා දේපළ මිලදී ගත්තා පමණක් නොව, ඒවාට මහජන ධනයෙන් නඩත්තු වන රජයේ ආරක්ෂක හමුදාවද ආරක්ෂාවට යොදවා තිබීම කිසිසේත්ම නීතියට එකඟ කරුණක් නොවේ. මෙය සම්පූර්ණයෙන්ම අයුතු සහගත ක්‍රියාවක් බැවින් වහාම විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒ පිළිබඳව ප්‍රශ්න කළ යුතුය.මෙම අයුතු ක්‍රියාවට විරුද්ධව කටයුතු කර නිසි පියවර ගත යුතුය.

Similar Posts

Leave a Reply

Your email address will not be published.