” කුඩු ජාවාරම්කාරයින්ට ,මිනීමරුවන්ට ,ස්ත්‍රී දූෂකයන්ට මගෙන් කිසිම බේරුමක් නෑ. ඒ අය සියලු දෙනාවම එල්ලුම්ගස් යැවිය යුතුයි.මේවා මර්දනය කිරීමට නම් ,යළිත් මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුයි. කවදා හරි මම ජනාධිපති ධුරයෙන් යන්නේ අඩුම තරමින් එක අපරාධකරුවෙක් හෝ මරණ දඬුවමට ලක් කරලා.”
එසේ ප්‍රකාශ කළ 2015 – 2019 යහපාලන ආණ්ඩුවේ ජනාධිපති ධූරය දැරූ මෛත්‍රිපාල සිරිසේන අවසානයේ ගෙදර ගියේ අපරාධකරුවන්ට මරණ දඬුවම ලබා දී නොව , මරණ දඬුවමට නියමව සිටි අපරාධකරුවෙක් අල්ලස් ලබාගෙන හිරෙන් නිදහස් කරමිනි. ඔහුට රටින් පළායෑම සඳහා ඉඩ හසර සලසමිනි.
මෙලෙස නිදහස් කළ අපරාධකරුවා කවුද ? එම ක්‍රියාව සිදු වුයේ කෙසේද ? තිරය පිටුපස සිදු වූ එම සම්පූර්ණ කථාව ඉතාමත් අපූරු සහගතය.එයට මෛත්‍රිපාල සිරිසේන , පූජ්‍ය අතුරලිය රතන හිමි පමණක් නොව, තවත් කිහිප දෙනෙක්ම සම්බන්ධ වූවෝය.

රාජගිරිය, රෝයල් පාර්ක් සුපිරි නිවාස සංකීර්ණයේ සිදු වූ මෙම මිනීමැරුම මුළු රටම මහත් ආන්දෝලනයකට තුඩුදුන් දෙයකි. ඉන් ඝාතනයට ලක් වූයේ ඉවෝන් ජොන්සන් නැමැති වයස අවුරුදු 19 ක් පමණ වන තරුණියකි.
කෝටිපති පවුලක ඉපදී හැදී වැඩුණු සුපිරි පන්තියේ තරුණියක් වන ඇයගේ පියා බර්මින් ජොන්සන්ය. මව චමල්කා ජොන්සන්ය.ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ ජපානයේ පිහිටි බී. එම්. ඩබ්ලිව්. මෝටර් රථ සමාගමට රබර් බූෂ්ට් නිෂ්පාදනය කර ලබාදීමය.
ඔවුන් දෙදෙනාට ගැහැණු දරුවන් දෙදෙනෙකි . වැඩිමල් දරුවා කැරලයින් ජොන්සන්ය. දෙවැනියා ඉවෝන් ජොන්සන්ය.ඔවුහු සිය දෙමව්පියන් සමග වාසය කළේ රාජගිරිය රෝයල් පාර්ක් සුපිරි නිවාස සංකීර්ණයේ පිහිටි නිවසකය.
ජීවිතය හෝ සමාජය පිළිබඳව එතරම් බරක් පතලක් ඔවූන්ට දැනුණේ නැත.මුදල් යහමින් අතේ ගැවසෙන තරුණ වයසේ සෙල්ලක්කාර ජීවිතයක් ගත කළ ඔවුන් දෙදෙනා සිය යහළු යෙහෙළියන් සමග රාත්‍රි සමාජ ශාලාවල ගත කරමින් මත්පැන් සහ දුම්වැටි උරමින් ඉතාමත් විනෝදජනක ජීවිතයක් ගත
කළෝය.
ඉවෝන් ජොන්සන්, තිඹිරිගස්යායේ පදිංචිව සිටි තවත් කෝටිපති පවුලක තරුණයෙක් වන ජූඩ් ශාමන්ත ඇන්තනී ජයමහ සමඟ ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන ගියාය. ඔහූත් නිරතුරුව සිය පෙම්වතිය සමග රාත්‍රී සමාජ ශාලාවල ගත කළා පමණක් නොව, දුම්වැටි, මත්පැන් පානය කිරීමෙන් නොනැවතී අයිස් සහ හෙරොයින් නැමති අති භයානක මත්ද්‍රව්‍ය වලට පවා ඇබ්බැහි වී සිටියේය.
මෙහි සුවිශේෂී කරුණ නම්, ජූඩ් ශාමන්ත ඇන්තනී ජයමහ ,ඉවෝන් ජොන්සන් සමඟ සිය ප්‍රේම සබඳතාවය පවත්වාගෙන යමින් ඇයට හොරෙන් ඇයගේ සහෝදරිය වන කැරලයින් ජොන්සන් සමගද ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන ගියේය.
එහි ප්‍රතිඵලයක් වශයෙන් එකිනෙකාට හොරෙන් එකිනෙකා සමඟ රාත්‍රි සමාජ ශාලාවල ගත කිරීමටද ජූඩ් ශාමන්ත ජයමහ පියවර ගැනිණි. නමුත් එය වැඩිකල් කරගෙන යෑමට හැකියාව ලැබුණේ නැත.තම අක්කා සමග සිය පෙම්වතා සබඳතාවයක් පවත්වාගෙන යන බව දැන ගැනීමත් සමඟ ඉවෝන් ජොන්සන් දැඩි ලෙස වියරු වැටීණි. මේ නිසා ඔවුනොවුන් අතර නිතර ගැටුම් ඇති විය.
දිනය 2005 ජූනි මස 30 වැනිදාය. එදින රාත්‍රි කැරලයින් ජොන්සන් රාත්‍රී සමාජ ශාලාවක ගතකර සිය නැගණියගේ පෙම්වතා වන ජූඩ් ශාමන්ත ඇන්තනී ජයමහ සමග සුපිරි මෝටර් රථයෙන් රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයට පැමිණියහ..දෙදෙනාම අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතා කර සිටියෝය.

එම අවස්ථාවේ ජූඩ් ශාමන්ත , කැරලයින් ජොන්සන්ව සිය නිවසට රැගෙන යෑම සඳහා රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේ තට්ටු පෙළ නගින්නට විය.එහිදී ඔවුන්ට මුහුණදීමට සිදු වුයේ බලාපොරොත්තු නොවූ සිදුවීමකටය.
එනම් ,ඔවුන් එන මග බලා සිටී ඉවෝන් ජොන්සන් රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේ 19 වැනි මහලේ දී ජූඩ් ශාමන්ත සමඟ දැඩි බහින් බස්වීමක් ඇතිවිය.අවසානයේ එය තවත් දුරදිග යමින් ලොකු ගුටිබැට හුවමාරුවක් බවට පරිවර්තනය විය.මෙම අවස්ථාවේ ජූඩ් ශාමන්ත, ඉවෝන් ජොන්සන් සමඟ පොරබදා ඇයගේ ගෙල සිරකර මරා දැමිණි.ඒත් සමග ජූඩ් ශාමන්ත සහ කැරලයින් ජොන්සන් එම ස්ථානයෙන් පළා යන්නට වූහ.
මෙම සිදුවීම 2005 ජූලි මස 1 සහ 2 වැනි දින විද්‍යුත් සහ ලිඛිත මාධ්‍යවල ප්‍රචාරයවීමත් සමග රට තුළ මහත් ආන්දෝලනයකට ලක් වූ මිනී මැරුමක් බවට පත්විය. ” රෝයල් පාර්ක් මිනීමැරුම ” ලෙස ප්‍රචලිත වූ මෙම අපරාධය සිදුකළ අපරාධකරුවන් වහාම අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්පතිවරයා විසින් රහස් පොලිසියට භාර කෙරිණි.
ඉතාමත් සාර්ථකව සිදු වූ එම පරීක්ෂණවල දී අනාවරණය වූයේ මෙම මිනීමැරුම ඝාතනයට ලක් වූ ඉවෝන් ජොන්සන් ගේ පෙම්වතා වන ජූඩ් ශාමන්ත ඇන්තනී ජයමහ විසින් සිදුකර ඇති බවය.ඒ අනුව ඔහුව රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
මේ පිළිබඳව පැවති සාර්ථක නඩු විභාගයකින් පසුව, කොළඹ මහාධිකරණය ප්‍රකාශ කළේ සියළු චෝදනාවලට ජූඩ් ශාමන්ත වැරදිකරු බැවින් ඔහුව එල්ලා මැරීමටය. ඔහුට මරණ දඬුවම හිමිවීමත් සමඟ ඔහුගේ පවුලේ අය දැඩි ලෙස ව්‍යාකූල විය.
ඉන් පසු පවුලේ අය නඩුව ඇපිල් කරමින් අභියාචනාධිකරණයෙන් හෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඔහුව බේරා ගැනීමට දැඩි ප්‍රයත්නයක නියැලිණි.ඒ වෙනුවෙන් අවශ්‍යයැයි හැඟෙන ඕනෑම අයෙකු වෙනුවෙන් අත දිග හැර මුදල් වියදම් කිරීමටද ජූඩ් ශාමන්තගේ පවුලේ අය සැදී පැහැදී ක්‍රියා කළෝය.තිරය පිටුපස බලගතු කුමන්ත්‍රණ දියත් වූයේද එතැන් සිටය.
එම නඩු විභාග අතරතුර පවුලේ අය දැඩි ප්‍රයත්නයක නියැලුණේ,රහස් පොලිසිය සතුව තිබූ මිනීමැරුමට අදාළ පරීක්ෂණ ලිපිගොනු අතුරුදන් කිරීමටය. එය කර ගැනීමට අපහසු තත්ත්වයක් උදාවුවහොත්,
පරීක්ෂණ ලිපි ගොනුවල තිබෙන ඇතැම් කරුණු වෙනස් කිරීමටද දැඩි උත්සාහයක නියැළිණි.
මේ වෙනුවෙන් මුදල් වියදම් කර උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් තමන් වෙත නතු කර ගැනීමට ජූඩ් ශාමන්ත ගේ පවුලේ අය සමත් විය.එහි එක් අයෙක් වූයේ රහස් පොලිසියේ ජේෂ්ඨ පොලිස් අධිකාරිව සිටි අශෝක ගල්ගමුවයි.
ඔහු අවස්ථා කිහිපයක්ම මෙම මිනීමැරුම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ රහස් පොලිස් නිලධාරීන්ට බලපෑම් එල්ල කර එම ලිපි ගොනුව තමන් වෙත ලබා ගැනීමට ප්‍රයත්න දරා ඇත. මේ පිළිබඳව එම පොලිස් නිලධාරීන් අශෝක ගල්ගමුව ගෙන් ප්‍රශ්න කළ විට ඔහු ප්‍රකාශ කර ඇත්තේ ” මෙම ලිපි ගොනුවේ ඇති කරුණු මොනවාද යන්න බැලීමට තමන්ට අවශ්‍යව ඇති බැවින් එය තමා වෙත ලබාදෙන ලෙසය.
එහෙත් එයට එම රහස් පොලිස් නිලධාරීන් කැමති වී නැත.මෙමගින් අශෝක ගල්ගමුව උත්සාහ කර ඇත්තේ එම ලිපි ගොනුව තමන් වෙත ලබා ගත් පසු එය විනාශ කර දැමීමටය.එවිට රහස් පොලීසියට නිසි ලෙස අධිකරණ නඩු විභාගය පවත්වා ගෙන යෑමට කරුණු නොමැතිවීමෙන් අපරාධකරුවාට නිදහස්වීමේ මාර්ගය පෑදෙනු ඇත.
ඊළඟට මෙම ක්‍රියාවට අතගසා ඇත්තේ, මෛත්‍රි රනිල් යහපාලන ආණ්ඩුව තුල කොළඹ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ රවී වෛද්‍යලංකාරය.ඔහුද රහස් පොලිස් නිලධාරීන්ට බලපෑම් එල්ල කර මෙම ලිපි ගොනුව ලබා ගැනීමට අවස්ථා කිහිපයක්ම දැඩි පරිශ්‍රමයක් දරා ඇත. ඒත් රහස් පොලිස් නිලධාරීන් එය ලබා දී නැත.
මේ වෙනුවෙන් ඉවෝන් ජොන්සන් මරා දමා එල්ලුම්ගස් නියම වූ ඇයගේ පෙම්වතා වන ජූඩ් ශාමන්ත ගේ මව වූ සැන්ඩ්‍රා මාරි ජයමහ රුපියල් ලක්ෂ 150 ක් වියදම් කර ඇත.මෙම මුදල් ලබාගැනීමේදී අතරමැදියකු ලෙස ක්‍රියාකර ඇත්තේ කිරුළපන තුෂාරි මේනකාය. ඇය ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර ගේ ඉතාමත් විශ්වාසවන්ත කිට්ටු හිතවතියකි.
රවී වෛද්‍යලංකාර පොලිසියට අදාළ යටිකූට්ටු වැඩ කිරීමේදී විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ලබාගැනීමට භාවිතා කරන්නේ තුෂාරි මේනකාවය.එහි තිරය පිටුපස තවත් ජීවමාන චරිතයක් වන්නේ තිඹිරිගස්යාය, ආරියපාල වයින් ස්ටෝර්ස් ආයතනයේ අධිපති ආරියපාල නැමැත්තාය.
කිරුළපන තුෂාරි මේනකාව යොදාගෙන මේ වනවිට විවිධ වංචනික සහ මෙවැනි කූට වැඩ වලින් ඔවුහු උපයා ඇති මුදල රුපියල් ලක්ෂ 8000 ක් පමණ වෙති. කොළඹ කෝටිපති ව්‍යාපාරිකයන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත් සහ බැංකු ගිණුම් වලින්ද මෙම කල්ලිය අති විශාල මුදලක් වංචා කර පොලිස් පැමිණිලි ඇතත්, ඒ සියල්ල ඔවුහු සිය බලය යොදා යටපත් කර ඇත.
කොළඹ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ තිබූ පැමිණිලි යටපත් කර හෝ විකෘති කර විත්තිකරුවන්ට වාසි සලසා ඔවූන්ගෙන් මුදල් ලබාගැනීම සඳහා රවී වෛද්‍යලංකාර භාවිතා කළේ තුෂාරි මේනකාවය. මැයව මෙම ලියුම්කරුද දන්නා අඳුනන තැනැත්තියකි. එබැවින් දිනක් ඇය මට මීට අදාළ කරුණු රාශියක් ප්‍රකාශ කළ බැවින් මේ තුළ සිදු වූ බොහෝ දේවල් ඉන් මට දැනගැනීමට හැකියාව ලැබිණි.
ඉවෝන් ජොන්සන්ව ඝාතනය කර මරණ දඬුවම නියම වූ ජූඩ් ශාමන්ත ගේ මව වූ සැන්ඩ්‍රා මාරි ජයමහවද මෙම ලියුම්කරු හොඳට දන්නවා ඇත.ඇයව මා දැන හඳුනා ගත්තේ කොළඹ හයිඩ්පාක් කෝනර් සුපිරි නිවාස සංකීර්ණයේ පදිංචි වී සිටී වෛද්‍ය තේනබදුගේ මාර්ගයෙනි.
දිනක් සැන්ඩ්‍රා මාරි ජයමහගේ ආරාධනයකට අනුව මෙම ලියුම්කරු තිඹිරිගස්යායේ පිහිටි ඇයගේ නිවසට ගොස් කතාබහ කරමින් සිටියදී, සිය පුතා වූ ජූඩ් සමන්තව හිරෙන් නිදහස් කර ගැනීම සඳහා සහාය වන ලෙස ඉල්ලා සිටියේය. ඒ වෙනුවෙන් ඕනෑම මුදලක් වියදම් කිරීමටද ඇය එකඟ වූවාය. නමුත් මා එයට එකඟ වූයේ නැත.රුපියල් ලක්ෂ 150 ක් තුෂාරි මේනකාට ලබාදුන් කතාවද ඇය මේ අවස්ථාවේ මට ප්‍රකාශ කළාය.
රෝයල් පාර්ක් මිනී මැරුමට සම්බන්ධ මෙම පුද්ගලයාව බේරා ගැනීම වෙනුවෙන් පෙනී සිටි තවත් චරිතයක් නම්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුව සිටි රෝහිණී පෙරේරාය.ඇය ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායකයාව සිටි සුනිල් පෙරේරාගේ හිටපු බිරිඳයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මේ වනවිට රෝහිණී පෙරේරාව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ සභාපතිවරිය ලෙස පත්කර ඇත.ඇය ඉංග්‍රිසි පුවත්පතකට පවා ලිපියක් ලියමින් රෝයල් පාර්ක් මිනී මැරුමට හවුල් තරුණයාට දඬුවම් කිරීම නුසුදුසු ක්‍රියාවක් බවට ප්‍රකාශ කර තිබිණි.
කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක් තුල කිසියම් පිරිසක් මෙම නඩුවේ ලිපිගොනු රහස් පොලිසියෙන් පිට කිරීම සඳහා සාකච්ඡාවක නියැළි ඇත.එහි සිදු වූ කතා බහට අනුව එය සිදුකළහොත් රුපියල් මිලියන 20 ක් කරන පුද්ගලයාට දීමටද එකඟ වී ඇත.
මෙය ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේතිලකට දැනගන්නට ලැබී තිබේ.ඔහු වහාම රහස් පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ කිසියම් පිරිසක් මෙම ලිපිගොනු රහස් පොලිසියෙන් පිටකිරීම සඳහා සූදානම් වන බැවින් වහාම එම ලිපිගොනු සුරක්ෂිතව තැබීම සඳහා පියවර ගන්නා ලෙසය.
ඔහු වැඩිදුරටත් රහස් පොලිස් නිලධාරීන්ට ප්‍රකාශ කර ඇත්තේ මෙම ලිපි ගොනුවේ ඇති එක කොළයක් රුපියල් මිලියන එකක් තරම් වටිනාකමක් ඇති බැවින් ඒවා සුරක්ෂිතව ආරක්ෂා කිරීම රහස් පොලිසියේ ප්‍රමුඛ කාර්යභාරයක් විය යුතු බවය.
මෙම ලිපිගොනු රහස් පොලිසියෙන් අතුරුදහන් කිරීමට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර,ජේෂ්ඨ පොලිස් අධිකාරි අශෝක ගලිගමුව ඇතුළු පිරිසක් සූදානම් වන බවට නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලකට ද තොරතුරු ලැබී ඇත.ඔහුද වහාම රහස් පොලිස් නිලධාරීන්ට මෙය දැනුම් දෙමින් මෙම ලිපි ගොනුවල ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ඇත.
ලිපිගොනු රහස් පොලිසියෙන් අතුරුදහන් කිරීමට අපහසු බව දැනගත් කුමන්ත්‍රණකරුවෝ ඊළඟට සිදුකර ඇත්තේ රහස් පොලිසියේ පරීක්ෂණ අංශ නිලධාරීන් ලවා එම වාර්තාවල ඇති කරුණු විකෘති කිරීමටය. එහි ප්‍රථම පියවර වී ඇත්තේ ඩී .එන්. ඒ .පරීක්ෂණ දත්ත දින වෙනස් කිරීමය.
එනම් ,මෙම අපරාධය සිදු වූ ස්ථානයේ ඩී.එන්.ඒ .පරීක්ෂණයක් 2005 ජූලි මස 3 වැනිදා සිදු වී ඇත. ඒ බොරැල්ල ජින්ටෙක් ආයතනයේ ප්‍රධානී මායා ගුණසේකර සහ ඉලේපෙරුමගේ ප්‍රධානත්වයෙනි.කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අමාලි රණවීරගේ නියෝග මත එම පරීක්ෂණ කිරීම සඳහා රහස් පොලිස් නිලධාරීන්ද එම ස්ථානයට ගොස් ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් ගේ නිල රථයෙනි.
ලිපිගොනු දත්ත වෙනස් කිරීමට හවුල් පිරිස රහස් පොලීසියට බලපෑම් එල්ල කර ඇත්තේ එම ඩී.එන්.ඒ. පරීක්ෂණ සිදු වුයේ ජූලි මස 3 වැනිදා නොව, 2 වැනිදා ලෙස වෙනස් කරන ලෙසය.එවිට එය තුරුම්පුවක් කරගෙන මිනී මැරුම් නඩුවෙන් ඔහුව නිදහස් කර ගැනීම එම පිරිස් වල ඉලක්කය වී තිබිණ. නමුත් මෙයට රහස් පොලිස් නිලධාරීන් කැමති වී නැත.
ඊළඟට සුප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ටෝනී ඕපාත මෙයට මැදිහත් වී ඇත.ඔහු ඝාතනයට ලක් වූ ඉවෝන් ජොන්සන් ගේ මරණ පරීක්ෂණය පැවැත් වූ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී අබේසිංහට දුරකථනයෙන් කතා කර ඔහුව හමුවීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇත.
මෙම අවස්ථාවේ අධිකරණ වෛද්‍ය නිලධාරියා ඔහුගෙන් විමසා ඇත්තේ හමුවීමට ඇති අවශ්‍යතාවය කුමක්ද යන්නය. එවිට ටෝනී ඕපාත ඔහුට දැනුම් දී ඇත්තේ මෙම මරණ පරීක්ෂණ වාර්තාවේ ඇති කරුණු කිහිපයක් වෙනස් කරගැනීමට අවශ්‍ය බවය. එය වෛද්‍යවරයා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමින් දුරකථනය විසන්ධි කර ඇත.
නමුත් ඉන් ටෝනි ඕපාත පසුබැස ගොස් නැත.තවත් දිනක අධිකරණ වෛද්‍ය නිලධාරී අබේසිංහ කරාපිටිය ප්‍රදේශයට ගොස් ඇත්තේ ඔහුගේ දියණියගේ අවශ්‍යතාවයක් මතය.එම අවස්ථාවේ ටෝනි ඹ්පාත ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබා ගනිමින් හමුවීමට අවස්ථාවක් ඉල්ලා ඇතත් ,එය වෛද්‍යවරයා ප්‍රතික්ෂේප කර ඇත්තේ තමා දැනට කරාපිටිය ප්‍රදේශයේ වැඩකට ඇවිත් ඇති බවට ප්‍රකාශ කර දුරකථනය විසන්ධි කරමිනි.
නමුත් ඉන් නොනැවතුණු ඔහු දිගින් දිගටම ඇමතුම් ලබා ගැනීමට පටන් ගෙන ඇත. එය කරදරයක් වූ බැවින් වෛද්‍යවරයා දුරකථනය සම්පූර්ණයෙන්ම නිෂ්ක්‍රිය කර ඇත. අනතුරුව පැය තුනකට පමණ පසුව වෛද්‍යවරයා යළිත් දුරකථනය ක්‍රියාත්මක කර තිබේ.එවිට ඔහුට දැකගැනීමට හැකිවී ඇත්තේ ටෝනී ඕපාත විසින් දෙන ලද මිස් කෝල් විශාල ප්‍රමාණයක් එහි තිබුණු බවය.
ස්වල්ප මොහොතකට පසු යළිත් ටෝනි ඹ්පාත ඇමතුමක් ලබාගෙන ඇත. එය වෛද්‍යවරයා ක්‍රියාත්මක කිරීමත් සමඟ ටෝනි ඹ්පාත ප්‍රකාශ කර ඇත්තේ තමා දැන් ගාල්ලට පැමිණ ඇති බැවින් හමුවීම සඳහා සිටින ස්ථානයක් ප්‍රකාශ කරන ලෙසය.
දිගෙන් දිගටම එල්ලවු මෙම පීඩනය හමුවේ තවදුරටත් එය විඳ දරා ගැනීමට අපහසුවීම තැන වෛද්‍යවරයා ඔහුට ප්‍රකාශ කර ඇත්තේ ඊට පසුදින තමාව හමුවීම සදහා තමාගේ කොළඹ පිහිටි කාර්යාලයට පැමිණෙන ලෙසය.
ඊට පසු දින ටෝනි ඹ්පාත ඹහූව හමුවීම සඳහා එම කාර්යාලයට ගොස් ඇත. එම අවස්ථාවේ අධිකරණ වෛද්‍ය නිලධාරී අබේසිංහ තමන්ගේ කනිෂ්ඨ වෛද්‍යවරුන් දෙදෙනෙකුවද එම ස්ථානයට කැඳවා සියලු දෙනා ඉදිරියේ ටෝනි ඕපාත ගෙන් තමාව හමුවීමට ඇති අවශ්‍යතාවය කුමක්ද යන්න යළි විමසා ඇත.
එවිට ඔහු ප්‍රකාශ කර ඇත්තේ අධිකරණ වෛද්‍ය වාර්තාව විත්තිකරුට වාසිදායක ලෙස වෙනස් කර දෙන ලෙසය. නමුත් වෛද්‍යවරයා ඊට කැමති වී නැත. ඔහු මේ පිළිබඳව අධිකරණ අමාත්‍යාංශයේ සේවය කළ ජනාධිපති නීතිඥ සී.ආර් .ද. සිල්වාට පැමිණිලි කර ඇත.
පසුව ඔහු රහස් පොලිසියට දැනුම් දී ඇත්තේ මේ පිළිබදව පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙසය.ඒ අනුව රහස් පොලිස් නිලධාරීන් වෛද්‍ය අබේසිංහ පදිංචි පානදුර නිවසට ගොස් පූර්ණ ප්‍රකාශයක් ලබාගෙන පරීක්ෂණ පැවැත්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් සියලු කරුණු කාරණා අනාවරණය වී ඇත.
ඊළඟට ජූඩ් සමන්තගේ පවුලේ අය පූජ්‍ය අතුරලියේ රතන හිමි හමු වූයේ යහපාලන ආණ්ඩුව තුළ උන්වහන්සේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ බොහෝම කිට්ටුවෙන් ගනුදෙනු කළ බැවිනි. ඒ අනුව වැඩේ නිසි ලෙස කිරීමේ කොන්ත්‍රාත්තුව පූජ්‍ය අතුරලියේ රතන හිමි භාර ගත්තේය.
සැලසුමට අනුව ප්‍රථමයෙන්ම පූජ්‍ය අතුරලියේ රතන හිමි මෛත්‍රිපාල සිරිසේන හමුවී ඔහු සමඟ සාකච්ඡා කර ජූඩ් සමන්තගේ මරණ දඬුවම අහෝසි කර එය ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් ලෙස පරිවර්තනය කර ගත්තේය. ඒ වෙනුවෙන් හුවමාරු වූ මුදල රුපියල් ලක්ෂ 200 කී.
වැලිකඩ බන්ධනාගාරයේ සිටි ඔහුව පසුව කුරුවිට බන්ධනාගාරයට මාරුකර හැරිණි. දැඩි ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටි ඹහූ ඒ වනවිටත් බන්ධනාගාරය තුළ උපරිම වශයෙන් මත්ද්‍රව්‍ය බූත්ති විඳිමින් සිටියේය. ඊළඟ පියවර ක්‍රියාත්මක වූයේ මෙතැන් සිටය.
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ධූරයෙන් සමුගැනීමට ආසන්න වෙමින් සිටියදී යළිත් පූජ්‍ය අතුරලියේ රතන හිමි ක්‍රියාත්මක වී දෙදෙනා සමඟ සාකච්ඡා කර ජූඩ් ශාමන්තට ජනාධිපති සමාව ලබාදී නිදහස් කිරීමට පියවර ගැනිණි. ඒ තුළ සිදු වූ ගනුදෙනුව රුපියල් ලක්ෂ 300 කි.
ඹහූව හිරෙන් නිදහස් වූ සැණින් ලංකාවෙන් පිට කර සිංගප්පූරුව හරහා වෙනත් රටකට යැවීමට පියවර ගැනිණි. ඒ තුළ ජූඩ් ශාමන්තගේ මව වූ සැන්ඩ්‍රා මාරි ජයමහ විශාල වැඩ කොටසක් කළාය. ඇයද දුම්වැටි හා මත්පැන් පානය කර රාත්‍රී සමාජශාලාවල ගත කරන විනෝදකාමී චරිතකි.
අපරාධකරුවන්ට මරණ දඬුවම ලබාදෙන බවට කටමැත දෙඩ වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පූජ්‍ය අතුරලියේ රතන හිමි සමඟ එකතු වී මරණ දඩුවමට නියමව සිටි අපරාධකරුවෙක්ව අල්ලස් ලබාගෙන නිදහස් කළේ එසේය.
මෛත්‍රිපාල සිරිසේන පසුගිය දිනක දෙරණ රූපවාහිනී සේවයේ වැඩසටහනකට සහභාගී වෙමින් ප්‍රකාශ කර සිටියේ තමා නම් , කිසිදු මුදලක් ඔහුව නිදහස් කිරීමට ලබා නොගත් බවය. අතුරලියේ රතන හිමි නම්, මූදල් ගත්තාද යන්න තමන් නොදන්නා බවය.ඹහූ මේ දේවල් කියන්නේ ඒවා ඇත්ත කියා අපට පිළිගන්නා ලෙසද ?ඊටත් ගත්ත අය එය පිළිගනීද ?
මෙම ගනුදෙනුව තුළ ලිංගික අල්ලස්ද සිදු වූ බව නොකිවමනාය. පූජ්‍ය අතුරලියේ රතන හිමිට එය නැතැයි කියා ප්‍රකාශ කිරීමේ හැකියාවක් තිබේද ? උන්වහන්සේගේ තක්කඩි ස්වභාවය සහ තිරය පිටුපස ගඳ ගහන කතා දෙස හැරී බලනවිට නැතැයි කියන්නටද බැරි නැත.
මෙවැනි වසවර්තී මාරයින් පාලනය කරන ශ්‍රි ලංකාදීපය මේ තරම් හෝ තිබීම පුදුම සහගතය. එබැවින් ඉක්මනින්ම මේ හැත්ත බූරුත්ත පන්නා දැමීම සඳහා ජනතාව පියවර ගත යුතුයි.
Very good article. I definitely appreciate this website. Continue the good work!
Fastidous answe back in return of thijs query witth genuine arguments andd exllaining all oon tthe topoic oof that.
Verry ddscriptive article, I loved that bit. Will thrre be a prt 2?