අල්ලස් චෝදනා සම්බන්ධයෙන් අධිකරණයේ පවරන ලද නඩු 54 ක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් ඉල්ලා අස්කරගෙන ඇත .
එම සියලුම නඩු රාජපක්ෂ පවුලට හා ආණ්ඩුවේ ජේ්‍ෂ්ඨ මැති ඇමතිවරුන්ට හා ඔවුන්ගේ කිට්ටුවන්ත ගෝලබාලයින්ට අයත් ඒවා බව ප්‍රකාශ වෙයි .
තාක්ෂණික දෝෂ මත එම නඩු පවත්වාගෙන යෑමට නොහැකි බවට කරුණු ඉදිරිපත් කරමින් එකී නඩු මෙලෙස ඉල්ලා අස්කර ගැනීමට එම කොමිසම පියවර ගෙන ඇත.
අල්ලස් පනතට අනුව අල්ලස් නඩුවක් අධිකරණයේ පැවරීමට නම්,එම කොමිසමේ කොමසාරිස්වරුන් සිවිදෙනාම අදාල ලේබන වලට අත්සන් කළ යුතුය .
නමුත් එම ක්‍රියාවලිය මෙම නඩු පැවරීමේදී සිදුවී නැත. එම නිසා එය තුරුම්පුවක් කරගෙන මෙම නඩු ඉවත් කරගෙන ඇත .
නමුත් නැවත වරක් එම කොමසාරිස්වරුන්ගේ අත්සන ලබාගෙන එම නඩු පැවරීමේ හැකියාව ඇතත් ,එය සිදු කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව කිසිදු පියවරක් ගන්නේ නැත .
ඊට මූලික හේතුව වන්නේ එම නඩු සියල්ලම රාජපක්ෂ පවුලේ සහ ආණ්ඩුවේ සහ ඹවුන්ගේ නියෝජිතයන්ගේවීම නිසාය .
නමුත් දේශපාලන සබඳතා නැති සාමාන්‍ය අල්ලස් නඩු නියමිත පරිදි කොමසාරිස්වරුන් විසින් අත්සන් කර අධිකරණයේ නඩු පවරා ඔවුන්ට එරෙහිව පියවර ගැනීමට කටයුතු කිරීම හාස්‍ය දනවන කරුණක් බව අල්ලස් කොමිසමේම අවංක නිලධාරීන්ගේ කතාබහට ලක් වී ඇත.