උගත් ,බුද්ධිමත්, නීතිගරුක පාලකයෝ නීතියේ ආධිපත්‍යයට අභියෝග කිරීමට යන්නේ නැත.එවැනි දෙයක් සිදුවුවහොත් එය රටේත්, ජනතාවගේත් ,පාලනයෙත් යහ පැවැත්මට අහිතකර ලෙස බලපාන බව ඔවුහු හොඳාකාරවම දනිති.නමුත් මෝඩ පාලකයෝ එසේ නොවේ.
ඔවුන් නිතරම උත්සාහ කරන්නේ නීතියේ ආධිපත්‍යයට අයුතු ලෙස බලපෑම් එල්ල කරමින් තමන්ගේ බල පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා බලහත්කාරය යෙදවීමය. රාජපක්ෂ බල ඇණියද එවැනි මෝඩ වැඩ කරන තකතීරු පිරිසකි.ඔවුහු නිතරම හිතන්නේ නීතිය යනු ,තමන්ගේ අභිමතය බවය. තමුන් මොන අපරාධ සිදු කළද , පොලිසියට හා අධිකරණයට බලපෑම් එල්ල කර ඒ සියල්ල යටපත් කරනු ඇත. රාජපක්ෂලා සිදුකරන ලද අපරාධ හා වංචා වල නඩු නීතිපති දෙපාර්තමේන්තුව හරහා ඉවත් කෙරුවේ එබැවිනි. නඩුවලින් ඔවුහු නිදොස් කොට නිදහස් කළේ එම අයුතු තත්ත්වයෙනි.
මෙවැනි අපරාධ නඩු ලිපිගොනූ තොගයක් මහාධිකරණයේ තිබියදී, හිටපු ජනාධිපති සහ අගමැති මහින්ද රාජපක්ෂගේ මැදිහත්වීම මත හිටපු ජනාධිපති ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක ලලිත් වීරතුංගගේ අනුදැනුම ඇතිව සොරකම් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල්ව සිටි සුහද ගම්ලත් විසින් පියවර ගෙන ඇත.එයට හිටපු අධිකරණ ඇමති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න සෘජුවම දායකත්වය සපයා ඇත.

ඔහු මෙයට දායකවීමට මූලික හේතුව වී ඇත්තේ ඔහුගේ ගෝලබාලයන් පිරිසක් මෙම අතුරුදහන් වූ ලිපිගොනු වලට අදාළ නඩුවල විත්තිකරුවන්ව සිටි බැවිනි.එනම්, පාර්ලිමේන්තු මැතිවරණ කාලසීමාවේදී ජෝන් සෙනෙවිරත්නගේ ගෝලයන් පිරිසක් රත්නපුර ප්‍රදේශයේ පිහිටි ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂවල සාමාජිකයන්ගේ වෙළෙඳසැල් කිහිපයක් ගිනි තබා ඔවුන්ට පහර දී අලාභානි සිදු කරමින් මංකොල්ලකෑම් කිහිපයක් සිදුකර ඇත.මෙම සිද්ධිය පිළිබඳව පොලීසිය පරීක්ෂණ පවත්වා සැකකරුවන් 7 දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයේ නඩු පවරා ඇත.
රත්නපුර මහාධිකරණයේ පැවති එම නඩුවෙන් ඹවූහූ සියලුම දෙනාම වැරදිකරුවන් බවට පත්වී සිර දඬුවමකට ලක්වී තිබේ.පසුව මෙම නඩුව එම අපරාධකරුවන් විසින් ඇපිල් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔවූන්ට නිදහස් වීමට හැකිවී තිබේ.අනතුරුව අධිකරණය මඟින් එම ඇපිල් නඩුව නැවත විභාගයට ගැනීමට උත්සාහ කිරීමේදී ඊට අදාළ සියලු ලිපි ලේඛන අධිකරණයෙන් අතුරුදහන් වී ඇති බවට රත්නපුර මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාසට කරුණු වාර්තා වී ඇත.
එවිට ඔහු සිදුකර ඇත්තේ මේ පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වා මෙම ලිපිගොනු අතුරුදහන් කිරීමට අදාළ සියලු කරුණු අනාවරණය කර ගෙන ඊට සම්බන්ධ පුද්ගලයන්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට නියෝග කර ඇත.එහිදී අනාවරණය වී ඇත්තේ මෙම ලිපි ගොනුව රත්නපුර මහාධිකරණයෙන් අතුරුදහන් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ සොලිසිටර් ජෙනරාල්ව සිටි සුහද ගම්ලත් සම්බන්ධ වී ඇති බවය.
මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය දරනවිට ඔහු අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්ධුරය දැරිය.මොහු සොරකම් කර ඇත්තේ රත්නපුර මහාධිකරණයේ තිබූ 87/2000 අංක දරන නඩු ලිපි ගොනුවයි.මොහු මේ සඳහා යොදාගෙන ඇත්තේ අපූරු නීතිමය ක්‍රමවේදයකි. එනම්, 1958 අංක 9 දරන නඩු වාර්තා 2 ( 1 ) වගන්තිය යටතේ නඩු වාර්තා පරීක්ෂා කර බලා ආපසු ලබාදීමේ පදනම මත අධිකරණයෙන් ඕනෑම නඩු වාර්තාවක් අධිකරණ ඇමතිවරයාට ලබා ගැනීමේ බලය ඇත.එයට මුවාවී මෙම නඩු වාර්තාව සුහද ගම්ලත් විසින් රත්නපුර මහාධිකරණයෙන් ලබාගෙන ඇත.

එය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ,ජනාධිපති ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක ලලිත් වීරතුංග හා හිටපු අධිකරණ ඇමති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්නගේ මැදිහත්වීම් මත සිදුවී ඇත.ඊට අදාළ කරුණු අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය මගේ අංක C / P 18 / 8 අංක දරන ලිපිය මගින් ජනාධිපති ලේකම්වරයාට යොමුකර ඇති S P /C S /18 /08 අංක දරන ලිපිය නිරීක්ෂණය කිරීමේදී පැහැදිලිව පෙන්නුම් කෙරෙනු ඇත.
රත්නපුර මහාධිකරණ විනිසුරුව සිටි වසන්ත ජිනදාස විසින් රහස් පොලිසියට කරන ලද නියෝගයට අනුව පරීක්ෂණ නිලධාරීන් රත්නපුර මහාධිකරණයේ ලේඛකාධිකාරවරයා ගෙන් ඇතුළු කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කර කට උත්තර ලබා ගැනීමේදී එම නඩු ලිපිගොනුව සුහද ගම්ලත් ලබාගත් බවට පැහැදිලි සාක්ෂි ඉදිරිපත් වී ඇත.ඉන් පසු මේ පිළිබඳව ප්‍රශ්න කට උත්තර ලබා ගැනීම සඳහා රහස් පොලිසිය සුහද ගම්ලත්වද සම්බන්ධ කර ගැනීමට නිරතුරුව උත්සාහ කළද ඔහු සිය දේශපාලන හා නීතිමය බලය යොදා එය ව්‍යාර්ථ කිරීමට පියවර ගෙන ඇත.
මෙම පරීක්ෂණ මහාධිකරණ විනිසුරුවරයාගේ නියෝග මත සිදුවන බැවින් නිසිලෙස පරීක්ෂණයක් සිදු නොවුණහොත් තමන්ට යම් ප්‍රශ්නයක් සිදුවීමට ඉඩ ඇති බැවින් රහස් පොලිසිය එහි පරීක්ෂණ විධිමත්ව කිරීමට නිරතුරුව උත්සාහ ගැනිණි.එබැවින්,රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක වීරසිංහ සහ තවත් කිහිප දෙනෙක් නිරතුරුව සුහද ගම්ලත් ගෙන් කටඋත්තර ලබා ගැනීමට උත්සාහ කළද, එම සෑම අවස්ථාවකම ඔහු රහස් පොලිස් නිලධාරීන්ට බැණ වැදී තර්ජනය කර මෙම පරීක්ෂණ වහාම නවතා යටපත් කරන ලෙස බලපෑම් එල්ල කර ඇත.එල්ල වූ දැඩි පීඩනය හමුවේ තවදුරටත් පරීක්ෂණ කර ගැනීමට අපහසු බැවින් කරන ලද පරීක්ෂණවල ප්‍රගතිය ඇතුළත් වාර්තාවක් රහස් පොලිසිය මගින් නීතිපතිවරයා වෙත යොමුකර ඇත්තේ ඉදිරි වැඩ කටයුතු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා ගැනීමටය.
නමුත් නීතිපති දෙපාර්තමේන්තුවද ඒ සඳහා කිසිදු උපදේශයක් රහස් පොලිසිය වෙත ලබා දී නැත.එය මහින්ද රාජපක්ෂ හා සුහද ගම්ලත්ගේ බලපෑම් මත සිදුවන්නට ඇති බව රහස් පොලිසිය විශ්වාස කරනු ඇත.මේ තුළ එම ලිපි ගොනුවද දැනට නීතිපති දෙපාර්තමේන්තුව මගින් යටපත් කර සඟවා තබා ඇත.රාජපක්ෂ කල්ලිය ලිපිගොනු අතුරුදහන් කර නඩු යටගසා අපරාධකරුවන් ආරක්ෂා කරන ආකාරය මින් පෙන්නුම් කෙරෙනු ඇත.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත් වූ පසු මෙම සොරකමට හවුල් සුහද ගම්ලත්ව ත්‍රස්තවාදීන් රැඳවියන් සොයා බැලීමේ කොමිසමේ ප්‍රධානියා ලෙස පත් කෙරිණි. එපමණක් නොව,රටේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් ඊ. ඒ .පී. මුදල් වංචාව සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ සභාපති ධූරයටද පත් කෙරිණි.

මෙහි ඇති තවත් අපූර්වත්වයක් නම්,නඩු ලිපිගොනු අතුරුදහන් කරමින් අපරාධකරුවන් ආරක්ෂා කරන සූහද ගම්ලත්ව වින්දිතයන් ආරක්ෂා කිරීමේ කොමිසමේ සභාපති ධූරයට පත් කිරීමය.එක් පැත්තකින් නිල නොළත් මට්ටමෙන් ලිපිගොනු සොරකම් කර අපරාධකරුවන් ආරක්ෂා කරන විට අනෙක් පැත්තෙන් නිළලත් මට්ටමින් වින්දිතයන් ආරක්ෂා කිරීමට ඔහු ක්‍රියා කිරීම හාස්‍යජනකය.සුහද ගම්ලත් රනිල් මෛත්‍රී යහපාලන ආණ්ඩුව තුල නීතිපති ධූරයට පත්වීම සඳහා දැඩි උත්සාහයක නියැලුණද ,එය සාර්ථක වූයේ නැත.
එය ව්‍යාර්ථ වූයේ මොහු රාජපක්ෂලා සමග එකතුවී ඩබල් ගේම් ගසන අයකු බවට යහපාලන ආණ්ඩුවේ බොහෝ දෙනා දැන හඳුනාගෙන සිටි බැවිනි.සමාජය ඉදිරියේ ඉතාමත් සුජාත චරිත ලෙස ටයි කෝට් දාගෙන නීතියේ මහා විශාරදයින් ලෙස පෙනී සිටිමින් නඩු වාර්තා සොරකම් කර අපරාධකරුවන් ආරක්ෂා කරන සුහද ගම්ලත්ලාට දිය යුත්තේ තනතුරු තානාන්තර නොව, සිර දඩුවම්ය.නඩු වාර්තා සොරකම් කරමින් අපරාධකරුවන් ආරක්ෂා කිරීම බරපතළ අපරාධයක් පමණක් නොව, අධිකරණයට අපහාස කරමින් එය හෑල්ලුවට ලක් කිරීමකි.එබැවින් නිවැරදි ආකාරයට රහස් පොලිසිය මගින් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වා ඔහුව අත්අඩංගුවට ගෙන අපරාධ චෝදනා යටතේ රිමාන්ඩ් කර නඩු පැවරිය යුතුය.
ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව මෙය කරයිද ? ඒ ගැන කිසිදු විශ්වාසයක් තැබිය නොහැක. මේ සියලු දෙනාම අපරාධකාරයෝය. සිරගතව සිටිය යුතු පුද්ගලයෝය.එබැවින් ජනතාව උත්සාහ කළ යුත්තේ මෙම අපරාධ වලට සම්බන්ධ සියලු දෙනා අධිකරණයට ඉදිරිපත් කර ඔවුන්ට නිසි දඬුවම් ලබාදීම සඳහා පෙළගැසීමටය. ඒ සඳහා නිවැරදි ආණ්ඩුවක් පිහිටුවා ගත යුතුය. එය කිරීමට ජනතාව සූදානම්ද ?