සාමාන්‍ය පුද්ගලයකුට හෝ රජයේ සේවකයෙකුට මුළු ජීවිතාන්ත කාලයම දුක් මහන්සි වී උපයන ධනයෙන් ඉඩමක් මිලදී ගෙන නිවසක් සාදා එහි නිවී සැනසිල්ලේ ජීවත්වීම යනු සිහිනයකි. යම්කිසි ආකාරයකින් බැංකුවකින් ණය මුදලක් ලබාගෙන ඉඩමක් මිලදී ගෙන නිවසක් සෑදුවද, එම ණය මුදල සමහරවිට මරණ මංචකය දක්වා ගෙවා නිමකලද නොහැක.

සාමාන්‍ය මහජනතාව එතරම් අසීරු අඩියකින් සිය ජීවිතය ගැට ගසා ගෙන ජීවත් වුවද, මහජන ඡන්දයෙන් බලයට පත්වන දේශපාලනඥයෝ ඉතාමත් කෙටි කාලයකින් සිතාගත නොහැකි ආකාරයේ කෝටිපතියන් බවට පත්වීම පුදුම සහගත තත්ත්වයක් බවට පත්වී තිබේ.

එයට එක් උදාහරණයක් සපයන්නේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේය. ඔහු සිය දේශපාලන ජීවිතයට අත්පොත් තබන්නේ යාන වාහන නොව, යතුරු පැදියක්වත් නොමැතිවය.එහෙව් මහින්දානන්ද අලුත්ගමගේ මේ වනවිට කෝටිපතියෙක් නොව, ප්‍රකෝටිපතියෙක් බවට පත්වී ඇත්තේ අදහා ගත නොහැකි ලෙස දේශපාලනය තුළින් විශාල ධනස්කන්ධයක් උපයා ගෙන ඇති බැවිනි.

ඒ එකක්වත් සාධාරණ ලෙස ඉපැයූ ධනය නොව ,සිය වංචාකාරි දේශපාලනය තුළින් උපයා ගත් මහා ධනස්කන්ධයයි. එම දේපළ ලැයිස්තුව එකිනෙක විග්‍රහ කර බැලීමේදී එය ඕනෑම අයකුට මනාව වටහා ගත හැක.

ඔහු බොරැල්ල, කුරුප්පු පාරේ ,අංක 66 දරණ ස්ථානයෙන් පර්චස් 20. 85 ක් මිලදී ගෙන ඇත .එහි වටිනාකම රුපියල් ලක්ෂ 100 ක් පමණ වෙති. මහනුවර , ජෝර්ජ් ආර් ද සිල්වා මාවතෙන් රුපියල් 14,50,000 කට පර්චස් 33.8 මිලදී ගෙන ඇත.

නාවල, චන්ද්‍රා වෙත්තසිංහ මාවතේ, තුන්වන පටුමගේ ,අංක 15/1 දරන ස්ථානයෙන් රුපියල් ලක්ෂ 100 ක් වටිනා පර්චස් 15 .57 ක ඉඩමක් මිලදී ගෙන ඇත.එපමණක් නොව ,කොළඹ 8 ,ඇල්විටිගල මාවතේ ,ට්‍රිලියන් රෙසිඩන්ස් නිවාස සංකීර්ණයේ, අංක 153 /9/1 දරන ස්ථානයෙන් සුපිරි නිවසක් මිලදී ගෙන ඇත. එහි වටිනාකම රුපියල් 2,85,00,000 කි.

තවත් රුපියල් 2,70,00,000 කට කොළඹ 7 ,කිංස්ලි පාරේ, අංක 70/3/1 දරණ ස්ථානයේ තිබෙන දේපළ මිලදී ගෙන ඇත. එසේම නාවල , චන්ද්‍රා වෙත්තසිංහ මාවතේ , අංක 15/31 ඒ, සහ අංක 15/31 ඒ ස්ථාන දෙකෙන් පර්චස් 17.55 ක් මිලදී ගෙන ඇත. එහි වටිනාකම රුපියල් 87,75,000 කි.

මහනුවර ,ජෝර්ජ් ආර් ද සිල්වා මාවතෙන් තවත් පර්චස් 12 ක් මිලදී ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 3 කි. නාවල ,කොස්වත්ත, තුන්වන පටුමගේ , අංක 13/129 දරන ස්ථානයේද ඔහුට සුපිරි නිවසක් ඇත.

මහනුවර ,ජෝර්ජ් ආර් ද සිල්වා මාවතෙන් තවත් පර්චස් 18.3 ක් මිලදී ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ දහයකි. ඊට ඔබ්බෙන් තවත් පර්චස් 3.5 ක් මිලදී ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් 1,50,000 කි.

මෙතරම් දේපලක් ඔහු උපයා ගත්තේ කෙසේද ? කිසියම් පුද්ගලයකුට සාධාරණ ක්‍රමවේදයකින් මිල මුදල් හම්බකර මෙතරම් දේපලක් කෙටි කලකින් උපයාගැනීම ඉතාමත් අපහසු තත්ත්වයකි.එසේනම්, මහින්දානන්ද අලුත්ගමගේ මෙම දේපල උපයාගෙන අයුතු සහගත ක්‍රමවේදයට නොවේද ?

මහින්දානන්ද අලුත්ගමගේ නමින් ග්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි ලංකා බැංකු ශාඛාවේ ගිණුම් දෙකක් ඇත. එහි ඉතිරි කිරීමේ ගිණුමේ අංකය 72461278 ලෙස සඳහන් වෙයි. එහි ජංගම ගිණුමේ අංකය 228522 ලෙස ප්‍රකාශ වෙයි.

මහින්දානන්ද අලුත්ගමගේ දේශපාලනයට පැමිණීමට පෙර සේවය කළේ කුලියාපිටිය ද ෆිනෑන්ස් සමාගමේ වෙළඳ ප්‍රවර්ධන නිලධාරියෙකු ලෙසය. ඒ 1987 දීය. එවකට ඔහුගේ මාසික වැටුප රුපියල් 1250 කි. එවකට ඔහුගේ බිරිඳ සේවය කළේ සිංගර් ආයතනයේ කුලියාපිටිය ශාඛාවේය. එවකට ඇයගේ මාසික වැටුප රුපියල් 250 කි.

එම ආයතන දෙකේ ඔවුන් දෙදෙනා සේවය කරමින් සිටියදී ,දැන හඳුනාගෙන ප්‍රේම සම්බන්ධයක ප්‍රතිඵලයක් වශයෙන් විවාහ ගිවිස ගෙන තිබේ. මහින්දානන්ද අලුත්ගමගේට සහ ඔහුගේ බිරිඳ වන ආශා විජයන්ති පෙරේරාට දරුවන් දෙදෙනෙකි.

ඔවුන් විවාහ වී දරුවන් ලැබ කාලයක් ඉතාමත් හොඳින් ජීවත් වුවද කාලයාගේ ඇවෑමෙන් දෙදෙනා අතර බරපතළ ගැටුම්කාරි තත්වයන් නිර්මාණය විය. ඊට එක් හේතුවක් වූයේ මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍ය අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකගේ බිරිඳ සමඟ ප්‍රේම සබඳතාවයක් පැවැත්වීමය.

ඇය හිටපු අග්‍රාමාත්‍ය දි. මු ජයරත්නගේ දියණියයි. එසේම හිටපු  රාජ්‍ය අමාත්‍ය මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්නගේ සහෝදරියයි.

මහින්දානන්ද අලුත්ගමගේ සහ දුමින්ද දිසානායක ඉතාමත් කුළුපග මිත්‍රයන්ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් මහින්දානන්ද අලුත්ගමගේ නිතර දෙවේලේ දුමින්ද දිසානායකගේ නිවසට යෑම ඒම සුපුරුදු චර්යාවක් විය.එහි ප්‍රතිඵලයක් වශයෙන් මහින්දානන්ද අලුත්ගමගේ සහ දුමින්ද දිසානායකගේ බිරිඳ අතර ප්‍රේම සබඳතාවයක් ගොඩ නැගිණි.

මෙය මහින්දානන්ද අලුත්ගමගේ ගේ බිරිඳ වන ආශා විජයන්ති පෙරේරාට දැන ගැනීමට ලැබීමෙන් පසු ඔවුන් දෙදෙනා අතර නිරතුරු ගැටුම් නිර්මාණය විය. ගුටි බැට හුවමාරු පවා සිදුවී තිබේ. මහින්දානන්ද අලුත්ගමගේ වරක් සිය බිරිඳට දරුණු ලෙස පහර දීම නිසා තුවාල පවා සිදුවී තිබේ.

මේ ගැන ඇය 2012 නොවැම්බර් මස 18 වන දින වැලිකඩ පොලීසියට පැමිණිලි කර ඇතත්, එම පැමිණිල්ල පවා විභාග කිරීමට පොලීසිය අසමත් වී ඇත්තේ මහින්දානන්ද අලුත්ගමගේ ඊට කරන ලද අයුතු බලපෑම නිසාය.

මෙම සිදුවීම් වලින් පසු මහින්දානන්ද අලුත්ගමගේ සිය බිරිඳ සහ දරු දෙදෙනා අතහැර නිවසින් ගොස් ඇත.ඉන් පසු ඔහු පදිංචිවී සිට ඇත්තේ බත්තරමුල්ල, සුශූති මාවතේ, පළමූ වන අතුරු මාවතේ, අංක 6/28, 1 දරණ නිවසේය.පසුව කොළඹ 7, කිංස්ලි පාරේ, අංක 703/ 1 දරණ ස්ථානයේ පිහිටි නිවසේද ඔහු ලැගුම් ගෙන සිට ඇත.එම නිවස ලියාපදිංචි කර ඇත්තේ මූතුතන්ත්‍රිගේ මංගලිකා රුක්මාලි සෙල්ලහේවා නැමති අයෙකුගේ නමටය.

දැන් මහින්දානන්ද අලුත්ගමගේ බිරිඳගෙන් සහ දරුවන්ගෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වී දුමින්ද දිසානායක ගේ බිරිඳ සමග එක නිවසක එකට ජීවත් වෙති. අවසානයේ දුමින්ද දිසානායකට සිදුවූයේ සිය මිත්‍රකමට නිවසට ආ මහින්දානන්ද අලුත්ගමගේ නිසා බිරිඳත් අහිමිවීමය.

බලනකොට මහින්දානන්ද අලුත්ගමගේ සිය දේශපාලන කඩතුරාවට මුවා වී ජනතා දේපළ පමණක් නොව,පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ බිරිඳවද හොරා ගෙන ඇත.

මහින්දානන්ද අලුත්ගමගේ ගේ නීත්‍යානුකූල දේපොළ වලට අමතරව තවත් විවිධ පුද්ගලයන්ගේ නම් වලින් ද විශාල දේපොළ ඇත. විදේශ රටවල බැංකු ගිණුම් සහ වත්කම්ද ඇත. සමහර දේපල මිලදී ගැනීමේදී තක්සේරු කර ඇත්තේ වැරදි ලෙසය. ඒ මුද්දර ගාස්තු සහ ආදායම් බදු වංචා කිරීම උදෙසාය.

මෙතරම් ධනස්කන්ධයක් මෙම පුද්ගලයා ඉපැවූයේ කෙසේද ? මේවා සොයා බැලිය යුතු කරුණු නොවේද ?

Similar Posts

One Comment

Leave a Reply

Your email address will not be published.