ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවුලේ මහ හොරා ලෙස සැලකෙන හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඉඩමක් මිලදී ගැනීම සඳහා ආයතන දෙකකින් රුපියල් ලක්ෂ හයසීයක් අල්ලස් ලබාගෙන ඇත.

ඒ සිංගප්පූරුවේ පිහිටි ඊගල් ගෲප් ඇසෝසියේටඩ් සහ හොංකොංහි පිහිටි වර්ල්ඩ් ඩයමන්ඩ් ආයතන දෙකෙනි.

එම මුදල් ඔහු එම ආයතන දෙකින් ගෙන්වා ගෙන ඇත්තේ නාරාහේන්පිට පිහිටි කොමර්ෂල් බැංකුවේ ගිණුමකටය. එය දෙදෙනෙක් එකතුවී ආරම්භ කරන ලද බද්ද ගිණූමකි.

එනම්, එම ගිණුම ආරම්භ කර ඇත්තේ බැසිල් රාජපක්ෂගේ මස්සිනා කෙනෙකු වන පශු වෛද්‍ය තිස්ස ගලප්පත්ති සහ නෑනා කෙනකු වන අයෝමි පුන්‍ය කාන්ති ගලප්පත්ති යන අයගේ නම් වලිනි.

බැසිල් රාජපක්ෂ එම ආයතන දෙකෙන් එම ගිණුමට මුදල් ගෙන්වාගෙන මාතර බ්‍රවුන්ස් හිල් ප්‍රදේශයේ පිහිටි අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගෙන ඇත.

එම ඉඩමේ අයිතිකරු ලෙස සිට ඇත්තේ ජර්මන් ජාතික හර්බට් කෙලර් නැමති අයෙකි. ඔහුට අදාළ ලක්ෂ 600 ක මුදල ගෙවා බැසිල් රාජපක්ෂ එම ඉඩම මිලදී ගෙන ඇත.

අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් නම් දරා සිටින රාජපක්ෂ පවුලේ බැසිල් රාජපක්ෂ සිංගප්පූරුවේ ඊගල් ගෲප් ඇසෝසියේටඩ් සහ හොංකොංහි වර්ල්ඩ් ඩයමන්ඩ් ආයතන දෙක වෙනුවෙන් කරන ලද කිසියම් ජාවාරම් කටයුත්තක් වෙනුවෙන් මෙම මුදල් ලබා ගන්නට ඇත.

මෙය අල්ලස් පනතේ මෙන්ම මුදල් විශුද්ධිකරණ පනත යටතේද බරපතළ දඬුවම් ලැබිය හැකි වරදකි.එහෙත් ප්‍රශ්නය වී ඇත්තේ පවතින තත්වය තුළ බැසිල් රාජපක්ෂට එරෙහිව නීතිමය කටයුතු කරන්නේ කෙසේද යන්නය.

ආණ්ඩුවත් ,නීතියත්, අධිකරණයත් සියල්ලම රාජපක්ෂලාට බිළිවී ඇති මෙවන් අවස්ථාවක ඔහුට එරෙහිව නඩු පැවරීම යනු, නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියන්නාසේ දෙයකි. එබැවින් මේවාට එරෙහිව නීතිය නිසිලෙස ඉෂ්ටවීමට නම්,රනිල් රාජපක්ෂ හා ඹවූන් සරණ ගිය අයගෙන් තොර ආණ්ඩුවක් ජනතාව පිහිට වියයුතු නොවේද ?

Similar Posts

Leave a Reply

Your email address will not be published.