මිනිසුන් දින ගණන් නිදිවරාගෙන රැයක් දවාලක් නැතුව කුසට හරිහැටි ආහාර වේලක් නොමැතිව සැතපුම් ගණන් දිග පෝලිම් වල දහදුක් විඳින්නේ ඇගේ පතේ රුදාවකට නොවේ. පෙට්ට්‍රල් , ඩීසල් ,ලාම්පු තෙල් ටිකක් ලබාගෙන තමන්ගේ ජීවත්වීමේ මාර්ගය සකස් කර ගැනීමටය.

එය නිසිලෙස නොලැබෙනවිට සිතේ ඇතිවන දුක වේදනාව ඉවසා දරාගෙන සිටීමට අපහසු කිසියම් අයෙක් ඊට එරෙහිව යම් හඬක් නගනවිට, සිත් පිත් නැති අමානුෂික පොලිස් මැරයෝ ගිනි අවි අමෝරාගෙනවිත් එම අහිංසකයන්ට කුරිරු ලෙස පහර දෙමින් ඔවුන්ට වෙඩි තැබීමට උත්සාහ කරන්නේ නම් ,ඒතරම් තිරිසන් තුච්ජ ක්‍රියාවක් තවත් නැත.එය මනා ලෙස පිළිබිඹු වූයේ කුරුණෑගල, මාස්පොත ඉන්ධන පිරවූම්හල තුළය.

ඒ 2022 ජූනි මස 17 වැනිදාය.පැය ගණනක් දිගු පෝලිමක් තුළ මිනිසුන් රස්තියාදු වුවද මිනිසුන්ට නිසි ලෙස ඉන්ධන ලබා ගැනීමට ඉඩ ලැබුණේ නැත. මේ තුළ මිනිසුන් දැඩි නොසන්සුන් තත්ත්වයකට පත්වූවෝය.එම අවස්ථාවේ එතැනට කඩාවැදුණු පොලිස් නිලධාරීන් පිරිසක් පෝලිම් වල දැඩි වෙහෙසකාරී තත්වයන් තුළ සිටි මිනිසුන්ට පහර දීමට පටන් ගත්තේ ගෝල්පේස් අරගල භූමියට 2022 මැයි මස 9 වෙනිදා කඩා වැදුණු හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ මැරයන් පිරිසක් ලෙසය.

පොලිස්පති

එහිදී සිදු වූ විශේෂිතම කරුණ නම්,කුරුණෑගල පොලිස් ස්ථානයේ සේවය කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයෙක් පිස්තෝලයක් අතැතිව ඉතාමත් අශෝභන හා අවිනීත ලෙස හැසිරෙමින් තරුණයෙකුට අමානුෂික ලෙස පහර දීමය.ඔහු එහිදී කටයුතු කළේ විනයගරුක ,නීතිගරුක පොලිස් නිලධාරියෙක් ලෙස නොව, බීමතින් පැමිණි අමු තක්කඩි ගොන් මැරයෙක් ලෙසය.එම මීහරක් පොලිස් නිලධාරියාගෙන් පහර එල්ල වනවිට එම තරුණයා කෑගසමින් විලාප දෙමින් ප්‍රකාශ කර සිටියේ තම බිරිඳට දරුවෙක් උපදින්න සිටින බැවින් එහි අවශ්‍යතාවයන් උදෙසා ඉන්ධන ලබා ගැනීමට පැමිණි බැවින් පහර නොදෙන ලෙසය.

නමුත් එම ගොන් පොලිස් නිලධාරියා ඒ ගැන කිසිදු තැකීමක් නොකර එම තරුණයාගේ හිසට පිස්තෝලය එල්ල කරමින් වෙඩි තබන්නටසේ තර්ජන ගර්ජන එල්ල කරමින් ඔහුට පහරදී බැණ වදිමින් හැසිරීම තුළ පෙන්නුම් කළේ තවදුරටත් ඔහුව නීතිගරුක පොලිසියකට සුදුසු නැති අයෙක් බවය.

එම ඉන්ධන පිරවූම්හල තුළ කිසියම් නොසන්සුන්තාවයක් තිබුණද, කිසිදු පුද්ගලයෙක් ප්‍රචණ්ඩකාරී ලෙස හැසුරුණේ නැත. එතැන ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් මහජනතාවට පීඩාවන ලෙස කටයුතු කළේ තනිකරම එම ස්ථානයට කඩා වැදුණු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් පිරිසයි.නැති ප්‍රශ්න ඇති කරමින් එහි කලබල සිදු කළේ පොලිසියයි.මහජනතාව විශාල වශයෙන් බලා සිටියදී ,එම තරුණයාට බෙල්ලෙන් අල්ලා හිරකර පහරදී මාංචු දමා පිස්තෝල හිසට එල්ල කරමින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වෙඩි තැබීමට උත්සාහ කිරීම බරපතළ කරුණකි.

යම් හෙයකින් පිස්තෝලය පත්තු වූයේ නම් ඔහුගේ ජීවිතය එතනින්ම නිමවනු ඇත.යම් හෙයකින් කිසිදු පුද්ගලයෙක් නොමැති ස්ථානයක එම තරුණයාව තනිකර පහරදී වෙඩි තබා මරා දැම්මේ නම් පොලීසිය කියනුයේ කුමක්ද ? පොලිස් නිලධාරියාගේ පිස්තෝලය එම තරුණයා විසින් පැහැරගෙන යෑමට උත්සාහ කිරීමේදී පොරබදා සිදු වූ වෙඩි තැබීමකින් ඔහු මරණයට පත්වූ බව කියා පොලිස් නිලධාරීන් ඇඟ බේරා ගනු ඇත.විශාල මහ ජනතාවක් බලා සිටි බැවින් එම තත්ත්වය වැලකිණි. නමුත් ඔහුට එළව එළවා පහර දෙමින් පොලිස් නිලධාරීන් කටයුතු කරන බව පෙනුණි.

එය බේරීමට ඉදිරිපත් වූ තරුණයන්ටද පොලිස් නිලධාරීන් බැණ වැදෙමින් පහර දීමට උත්සාහ කරනු දැකගත හැකි විය.පොලිසිය පහර දී පිස්තෝලය එල්ල කළ තරුණයාව සහ තවත් තරුණයෙකුව අත්අඩංගුවට ගෙන බලහත්කාරයෙන් බස් රථයක දමා රැගෙන යනු පෙනිණි. මෙහි මුල සිටම අවසානය දක්වා පොලීසිය කටයුතු කළ ආකාරය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනිය.පොලිසිය සිදු කළ යුතුව තිබුණේ යම් ප්‍රශ්නයක් පැනනැගී තිබුණේ නම් ,එය සාමකාමීව සාකච්ඡා කර විසඳීම මිස මෙලෙස ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී පහරදී පිස්තෝල එල්ල කර තරුණයන්ව අත්අඩංගුවට ගෙන බොරු චෝදනා එල්ල කර රැගෙන යෑම නොවේ.

පැහැදිලිවම පොලිසිය පෙර සැලසුමකට අනුව මෙය සිදුකර ඇති බව පෙන්නුම් කෙරෙනු ඇත. මෙම ඉන්ධන පිරවූම්හල කාගේද ? ආණ්ඩුවේ මැති ඇමැතිවරයෙක්ගේද ? නැත්නම් දේශපාලන හෙන්චයියෙක්ගේද ? පොලිසියට එතනට පැමිණෙන ලෙස නියෝග කළේ කවුද ? එපමණක් නොව ,තරුණයන්ව අත්අඩංගුවට ගෙන රැගෙන ගිය බස් රථය සම්බන්ධයෙන්ද ඇත්තේ ප්‍රශ්නයකි. එම බස් රථය කාගේද ?

පෙර සැලසුමකට අනුව එම බස් රථයද පොලිසිය රැගෙනවිත් ඇත්තේ කිසියම් පිරිසක් අත්අඩංගුවට ගෙන රැගෙන යෑමේ අරමුණෙනි.එසේනම්, කුරුණෑගල, මාස්පොත ඉන්ධන පිරවූම්හලේ ගැටුම නිර්මාණය කිරීමේ වගකීම සම්පූර්ණයෙන්ම පොලිසිය භාර ගත යුතුය. ඉන් ඔවූන්ට ගැලවීමක් නැත.මෙහි ප්‍රධාන රංගන ශිල්පියා වූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පොලිසියේ තබාගත යුතු අයෙක් නොවේ.ඔහු සිදු කළ ක්‍රියාව පොලිසියට අවනම්බුවකි.කැළලකි. ඔහුගේ වැඩ වහාම තහනම් කළ යුතුය.ඊට සම්බන්ධ සෙසු පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන්ද විධිමත් ක්‍රියා මාර්ගයක් ගත යුතුය.

පොලිස්පති චන්දන වික්‍රමරත්නට මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට නොහැකි නම්, ඔහුගේ පොලිස්පතිධුරයෙන්ද වැඩක් නැත.මෙම අපරාධයට හවුල් ප්‍රධාන පොලිස් පරීක්ෂකයා දුටු තැන මහජනතාව හූ කියා ඔහුට ප්‍රතිචාර දැක්විය යුතුය. මෙවැනි පොලිස් බල්ලෝ අල්ලා ගස් වදිනවට වඩා, අල්ලා බේරේ වැවේ ගිල්වා දැමීම වඩා උචිතය. මහජන මුදලින් නඩත්තු වන පොලිස් නිලධාරීන් හැසිරෙන්නේ මහජනතාවට පීඩාවන ආකාරයට නම් , ඔවූන්ගෙන් ඇති ඵල ප්‍රයෝජනය කුමක්ද ?

Similar Posts

Leave a Reply

Your email address will not be published.