වසර 75 ක පමණ කාලයක් තට්ටුමාරු ක්‍රමයට රට පාලනය කළ නිර්ලජ්ජිත පාලකයෝ ජාවාරම්කාරුවන් සමග කූට වැඩ සිදුකර කරන ලද විපතක මහත මේ වනවිට ඇස් පනාපිටම හෙළිදරව් වී හමාරය. රට අද වැටි ඇති බරපතළ ආර්ථික අර්බුදය මෙහි එක් ප්‍රතිඵලයක් බව අමුතුවෙන් කිව යුතු කරුණක් නොවේ.

රට සංවර්ධනය කිරීමට සහ ආර්ථික වශයෙන් රට නගා සිටුවීම යන සුමුදු මුදු සිනිදූ වචන වලට මුවාවී ජාවාරම්කාරයෝද සිතේ හැටියට දූෂිත දේශපාලනය සමග අත්වැල් බැඳගනිමින් තම මඩිය තරකර ගත්තා මිස රට හෝ ජනතාව ගැන සිතුවේ නැත.

ඔවූහු හිතේ හැටියට සිය ජාවාරම් සිදුකළා පමණක් නොව ,ඉන් උපයන ධනයෙන් හෝ ආණ්ඩුවට ගෙවිය යුතු බදු මුදලවත් ගෙවීමට තරම් අවංක වූයේ නැත. එක් පැත්තකින් බලන කල ජාවාරම්කාරයන් ගෙන් බලාපොරොත්තු විය හැකි අවංක භාවය කුමක්ද ? ඔවුන්ගේ මූලික අභිප්‍රාය සිය ජාවාරම් කටයුතු නිසි ලෙස පවත්වාගෙන යමින් අයුතු මුදල් ඉපයීමය.

එය ඉතාමත් ඉහළින් සිදු කිරීමට කොළඹ කැෂිනෝ ජාවාරමේ ප්‍රධාන තක්කඩියකු ලෙස කා අතරත් ප්‍රචලිතව සිටින රවී විජේරත්න පියවර ගෙන ඇත.ඔහු චන්ද්‍රිකා බණ්ඩාරනායක ,මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන ,ගෝඨාභය රාජපක්ෂ යන සෑම ආණ්ඩුවකම ජාවාරම්කාර ඒජන්තයෙකු ලෙස ක්‍රියා කර සහ තවමත් ක්‍රියා කරනු ඇත.

සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග ද ඉතාමත් කිට්ටු මිත්‍රශීලී සබඳතා පවත්වන රවී විජේරත්න සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ වැඩ කටයුතු වලටද මුදල් වියදම් කර ඇත.සජිත් ප්‍රේමදාසගේ පුද්ගලික නිවසේ කෑම බීම සැපයීම පවා සිදුකර ඇත්තේ රවී විජේරත්නය.

කුමන ආණ්ඩුව බලයට පත් වුණද ,කුමන ආණ්ඩුව පරාජයට පත්වුවද, ඔහුට කිසි ප්‍රශ්නයක් නැත.ඔහු සිදුකරන්නේ බලයට පත්වන සෑම ආණ්ඩුවකින්ම තම ජාවාරම් කටයුතු ඉතාමත් පහසුවෙන් සිදුකර ගෙන යෑම උදෙසා අවශ්‍ය මංපෙත් විවර කර ගැනීමය.

මැතිවරණ කාලසීමාවලදී ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයටද අත දිග හැර මැතිවරණ කටයුතු උදෙසා අවශ්‍ය පහසුකම් සහ මුදල් සපයමින් ඔහු කටයුතු කරන්නේද, කුමන ආණ්ඩුව බලයට පත්වුවත් මල්ල තමන්ගෙ කරේ යන න්‍යාය පදනම් කරගෙනය.

මරීනා කලම්බු රෑන්ක් එන්ටර්ටේන්මන්ට් හෝල්ඩිං පුද්ගලික සමාගම සහ ස්ටාර් ඩස්ට් හෝල්ඩින් සමාගම යන ප්‍රධාන කැසිනෝ සමාගම් වල හිමිකරුවා ලෙස ක්‍රියාකරන හේවාවසම්ගේ රවින්ද්‍ර ලාල් ශ්‍රී ලාල් විජේරත්න හෙවත් රවී විජේරත්න පට්ට හොර තක්කඩි වංචාකාරයෙකි.

කොළඹ 7 ,ග්‍රෙගරි පාරේ අංක ,14/1 දරන ස්ථානයේ පදිංචි වී සිටින මොහු මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය දරන වකවානුව තුළ ඕස්ට්‍රේලියාවේ ජේම්ස් පැකර් නම් මහා පරිමාණ ධන කුවේර කැසිනෝ ජාවාරම්කරු සමඟ එකතු වී ලංකාවේ කොළඹ කැසිනෝ සුරපුරයක් කිරීමට පිඹුරුපත් සැකසූ සුදුකාරයෙකි.

කොළඹ කේන්ද්‍ර කරගෙන දිවා රෑ ක්‍රියාත්මක වන ලෙස කැසිනෝ ව්‍යාපාරයක් ඔහු ජේම්ස් පැකර් සමග එකතු වී සිදු කිරීමට දැඩි ප්‍රයත්නයක් දැරුවද මහජනතාවගෙන් සහ බෞද්ධ ආගමික නායකයන් ගෙන් එල්ලවූ ඉවත දැමිය නොහැකි බරපතළ විරෝධය හමුවේ එය හකුලා ගැනීමට ඔහුට සිදුවිය.

කොළඹ ප්‍රධාන පෙළේ බෞද්ධයකු ලෙස ක්‍රියාකරන කැසිනෝ රවී විජේරත්නගේ නිවසේ දානමය කටයුතු වලට සහභාගි වන්නේ සාමාන්‍ය භික්ෂූන් වහන්සේලා නොව, කෝට්ටේ පාර්ශ්වයේ මහා නායක පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර,නාරාහේන්පිට අභයාරාමයේ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි වැනි සුප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේලාය.

මෙම හොර තක්කඩි ජාවාරම්කරු දේශපාලනඥයන් පමණක් නොව, බෞද්ධ භික්ෂූන් වහන්සේලාවද මිල මුදලට සිය ග්‍රහණයට ලක් කර ගනිමින් තම කූට ව්‍යාපාර කටයුතු දියත් කර ඇත.

කොරෝනා වසංගතය දරුණු ලෙස රටපුරා පැවැති වකවානුව තුළ මුළු දිවයිනටම ඇඳිරි නීතිය දමා රට ලොක්ඩවූන් කර තිබුණද ,මොහුගේ කැසිනෝ ජාවාරමට ඉන් බාධාවක් වූයේ නැත.කැසිනෝ අවන්හල් විවෘත කිරීම පවා ආණ්ඩුව මගින් තහනම් කර තිබියදී, රවී විජේරත්න ඒ කිසිදු නීතියක් නොතකා ඔන්ලයින් ක්‍රමයට කැසිනෝ ව්‍යාපාරය සිදු කරනු ලැබීය.

පාතාල ලෝකය , මත්ද්‍රව්‍ය ජාවාරම සහ ගණිකා වෘත්තිය මොහුගේ කැසිනෝ ව්‍යාපාරය වටා පෙළ ගැසී සිටින ප්‍රධාන නියාමන කොටස්ය. ඉන් සිදුවන නීති විරෝධී ක්‍රියා බොහෝය.බෞද්ධ සංස්කෘතියට පවා විශාල තර්ජනයක් එල්ල වී ඇති මොහුගේ කැසිනෝ ජාවාරම නිසා කොළඹ ප්‍රධාන පෙළේ පාසල්වල සිසු සිසුවියන්ද මෙයට ඇබ්බැහි වී ඇත.

එම සිසු සිසුවියන් ගෙන් ඇතැම් දෙනා මත්ද්‍රව්‍ය සහ ගණිකා වෘත්තියට මෙන්ම පාතාලයටද ගොදුරු වී ඇත. මේ නිසා කොළඹ සමාජය තුළ රවී විජේරත්නගේ කැසිනෝ ජාවාරම හේතු කොට ගෙන පැන නැගී ඇති ප්‍රශ්න සහ ගැටළු අති භයානකය.

මෙම කැසිනෝ ජාවාරම්කරු මාසිකව උපයන ධනස්කන්ධය මෙතෙකැයි කියා නිම කිරීමට නොහැකි තරම්ය. එතරම්ම අතිවිශාල මුදලක් ඔහුගේ ජාවාරම් කටයුතු වලින් උපයමු ඇත. කොපමණ ධනය ඉපයූ වුවද ඔහු අඩු තරමින් ආදායම් බදුවත් ගෙවීමට තරම්වත් පියවර ගෙන නැත.

ඔහුගේ ස්ටාර් ඩස්ට් හෝල්ඩින් සමාගම සහ මරීනා කලම්බු රෑන්ක් හෝල්ඩිං පුද්ගලික සමාගම වසර කිහිපයක් තිස්සේ ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගෙවීම පැහැර හැර ඇති බදු මුදල රුපියල් ලක්ෂ 15,200 කි.

මෙය සුළු පටු මුදලක් නොවේ.මෙතරම් මුදලක් ගෙවීම පැහැර හරිනතුරු ආදායම් බදු දෙපාර්තමේන්තුව සිදුකළේ කුමක්ද ? මෙය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ නොදැනුවත්භාවය හෝ අමතක වීමකින් අයකරගැනීමට නොහැකි වූ මුදල් නොවේ.

අනිවාර්යෙන්ම ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ටද රවී විජේරත්න අල්ලස් මුදල් ලබා දී මේවා මෙතෙක් කාලයක් යටපත් කරගෙන සිටින්නට ඇත. ඒ අල්ලස් මුදල් ලබා ගත්තේ කවුද ? රවී විජේරත්න ගෙන් ආදායම් බදු අය කර ගැනීමට කටයුතු නොකළ නිලධාරීන් කවුද ? මෙම මුදල් අයකර නොගන්නා ලෙස කිසියම් දේශපාලනඥයෙක් ආදායම් බදු දෙපාර්තමේන්තුවට බලපෑම් කළාද ? මේවා විමසියයුතු කරුණු නොවේද ?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති සහ මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ මෙම මුදල් අයකරගැනීමට ගන්නා පියවර කුමක්ද ? සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් ආදායම් බදු දෙපාර්තමේන්තුවට නිසි පරිදි බදු මුදල් නොගෙව්වොත්, ඔහුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරනු ඇත .නමුත් රවී විජේරත්නට මෙතෙක් කලක් එම නීතිමය ක්‍රියාදාමය සිදු නොවුණේ ඇයි ?

රුපියල් ලක්ෂ 15,200 ක් යනු, සුළු පටු මුදලක් නොවේ. අද රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමටවත් මුදල් නැති තත්වයකි. රජයේ මුදල් පියවා ගැනීමට නම්, අඩුම තරමින් රුපියල් කෝටි ලක්ෂයක්වත් නැවත  අලූතෙන් මුදල් අච්චු ගැසිය යුතු බව මූදල් ඇමති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරන දෙයකි.

මුදල් තවදුරටත් අච්චු ගැසීමෙන් සිදුවන්නේ උද්ධමනය තවත් ඉහළ ගොස් රටේ ආර්ථිකය තවත් දරුණු කඩා වැටීමකට ලක්වීමය.එබැවින් ආණ්ඩුව කළ යුත්තේ මුදල් අච්චු ගැසීමට වඩා මෙලෙස ගෙවීම් පැහැර හැර ඇති ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ගේ මුදල් රජය සතු කරගැනීම සඳහා ඉක්මන් වැඩපිළිවෙළක් දියත් කිරීමය.

මෙහි තවත් පුදුම සහගත දෙයක් නම්, මුදල් අච්චු ගැසීමටවත් ඒවා අච්චු ගසන මුදල් කොළ ලබා ගැනීම සඳහා ආණ්ඩුවට මුදල් නොමැතිවීමය. එතරම්ම බරපතළ ආර්ථික අහේනියකට ආණ්ඩුව මුහුණ පා ඇත. එවැනි ස්වභාවයක් තුල ජාවාරම්කාර රවී විජේරත්නලා ආණ්ඩුවට නොගෙවා පැහැර හැර ඇති බදු මුදල් ඉක්මන් ක්‍රමයකින් අයකර ගැනීම සුදුසු නොවේද ?

Similar Posts

Leave a Reply

Your email address will not be published.