කඩුවෙල අධ්‍යාපන කොට්ඨාසයේ නවගමුව සිරි සුමනතිස්ස ප්‍රාථමික විදුහලේ මනෝවිද්‍යා විෂය භාරව සිටින එච්.පී.ශාමල් ක්‍රිෂාන්ත කල්දේරා පාසලේ දරුදැරියන්ට ලිංගික අතවර, බලපෑම්, අඬන්තේට්ටම් හා අපචාර වැඩ කරන අශෝභන ගුරුවරයකු බවට කරුණු ඉස්මතු වී ඇත.

මෙම ගුරුවරයාට එරෙහිව එල්ල වී ඇති සියලුම චෝදනා ඇතුළත් කර පරීක්ෂණයක් පවත්වන ලෙස නවගමුව සිරි සුමනතිස්ස ප්‍රාථමික විදුහලේ විදුහල්පතිනි ඩබ්ලිව්.එම්.සුරංගනී කඩුවෙල අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට හා ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නිර්මලා ඒකනායක ඇතුළු වගකිවයුතු බලධාරීන්ට ලිඛිතව කරුණු ඉදිරිපත් කර ඇතත්, මේ වනතුරුත් කිසිදු පරීක්ෂණයක් නොකර එම අපචාර ගුරුවරයාව ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබේ.

මෙම අපචාර චෝදනා එල්ල වී ඇති ගුරුවරයා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම් ජයන්ත්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වන කඩුවෙල මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ නාගරික මන්ත්‍රී ග්‍රේෂන් අල්විස්ගේ ඉතාමත් සමීපතම කුළුපඟ මිත්‍රයෙකි.

එබැවින් එම සබඳතාවේ උපයෝගී කරගෙන අධ්‍යාපන ඇමතිගේ හා නාගරික මන්ත්‍රීවරයාගේ අවශ්‍යතාවන් මත ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිර්මලා ඒකනායක මෙම පරීක්ෂණ යට ගසා ඇත.

අපචාර චෝදනා එල්ලවී ඇති ශ්‍යාමන් ක්‍රිෂාන්ත කල්දේරා

අපචාර ගුරුවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා ඇතුළත්ව නවගමුව සුමනතිස්ස විදුහලේ විදුහල්පතිවරියගේ කාර්යාලය තුළ තිබූ ලිපිගොනුවද මේවනවිට අතුරුදන් වී ඇත.

එපමණක් නොව, එම චෝදනාවලට අදාළව ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාල තුළ තිබූ ලිපි ගොනුවද නිර්මලා ඒකනායකගේ අනුදැනුම මත සඟවා තබා ඇත.

අපචාර පරීක්ෂණ යටපත් කරගෙන සිටින ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිර්මලා ඒකනායක කාලයක් සේවය කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය පිළිබද විෂයභාර අධ්‍යක්ෂවරිය ලෙසය.

එහිදී ඇය අමාත්‍යාංශයේ සේවය කරන රියැදුරකු සමග අයුතු සබඳතාවක් පැවැත්වීම මත ඇති වූ කරුණු හේතු කොට ගෙන ඇයව එම තනතුරෙන් ඉවත් කර අනුලා විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස පත් කර ඇත.

නාගරික මන්ත්‍රී ශ්‍රේෂන් අල්විස්

එහෙත් එම විදුහලේ සිදු වූ මූල්‍ය වංචාවකට ලක්වීම නිසා එම තනතුරෙන් ඉවත් කළ ඇයව, පසුව ජයවර්ධන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය ලෙස බස්නාහිර පළාත් සභාවේ අධ්‍යාපන ලේකම්වරයා විසින් අමාත්‍යවරයාගේ අවශ්‍යතාව මත පත්කර ඇත.

ඇයගේ අයුතු සබඳතා හා හැසිරීම් රටාව කෙරෙහි කලකිරුණු ස්වාමිපුරුෂයාද ඇයගෙන් වෙන්වී ඇති බව කියැවෙයි.එවැනි පරිසරයක් තුළ ඇය මෙම අපචාර චෝදනා එල්ලවී ඇති නවගමුව සුමනතිස්ස ප්‍රාථමික විදුහලේ එච්.පී.ශාමිල් ක්‍රිෂාන්ත කල්දේරා සමඟද අයුතු සම්බන්ධයක් පවත්වන බවට ඇතැම් ගුරු සහ මවුපියන්ගේ චෝදනා එල්ල වී ඇත.

අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම් ජයන්ත් හා නාගරික මන්ත්‍රී ග්‍රේෂන් අල්විස්ගේ බලපෑම හා දෙදෙනා අතර තිබෙන මෙම අයුතු සබඳතාවද අදාළ පරීක්ෂණ යටපත්වීමට හේතු වී ඇති බව ඔවුන්ගේ එම චෝදනා වලින් කියැවෙන දෙයකි.

ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිර්මලා ඒකනායක

එසේ නොවේ නම් ,මෙතරම් බරපතළ චෝදනා එල්ල වී තිබියදීත්, එම ගුරුවරයාට එරෙහිව පියවර නොගන්නේ මන්ද යන්න දෙමව්පියෝ හා ගුරුවරු ප්‍රශ්න කරති.

දෙදරු පියකු වන මෙම අපරාධ අපචාර චෝදනා එල්ල වී ඇති ගුරුවරයා මොන තරම් අසංවර අයෙක්දැයි ප්‍රකාශ කළහොත්, පාසලේ ඉගෙනුම ලබන පස්වන ශ්‍රේණියේ කුඩා දැරියක් යම් හේතුවක් මත සිහිසුන් වී ඇද වැටී ඇත.

විදුහල්පතිනි ඩබ්.එම්. සුරංගනී

එම අවස්ථාවේ මෙම ගුරුවරයා එය දැක මැදිහත් වී ඇයව ඔසවාගෙන යම් තැනකට රැගෙන ගොස් සිරුර නිරුවත් කර අඟපසඟ සිප වැලඳගෙන ලිංගික අඬන්තේට්ටම් කිරීමට උත්සාහ දරා ඇත. එය දුටු පාසලේ වෙනත් දැරියකගේ මවක් එයට එරෙහිව විරෝධය ප්‍රකාශ කර ගුරුවරයාට බැණවැදී තිබේ‍.

පාසල් සංවර්ධන කමිටුවේ ලේකම් සුරංග බුද්ධික

එම අවස්ථාවේ පාසලේ තවත් සිසු සිසුවියන් පිරිසක්ද එතැනට පැමිණ ඇති අතර එහිදී ගුරුවරයා ප්‍රකාශ කර ඇත්තේ මේ ළමයා ලොකු මහත් වූ පසු ස්වාමිපුරුෂයා ඉදිරියේද මෙලෙස නිරුවත් විය යුතු බවය. එම නිසා දැම්මම ඒ ගැන දැනුවත්වීම වැදගත් බැවින් මෙවැනි දෙයක් සිදුකළ බවය.

එහි සිටි පස්වන වසරේ ඉගෙනුම ලැබූ කුවිඳු ආදිත්‍ය සිසුවා මේ බව සිය පියා වූ පාසල් සංවර්ධන කමිටුවේ ලේකම් සුරංග බුද්ධිකට දැනුම් දී ඇත. ඔහු මේ බව විදුහල්පතිනි ඩබ්ලිව්. එම්. සුරංගනීට පැමිණිලි කර තිබේ.

එහි ප්‍රතිඵලයක් වශයෙන් විදුහල්පතිවරිය මෙම අපචාර සිද්ධිය සිදුකළ ගුරුවරයාව කැඳවා කරුණු විමසා යළිත් මෙවැනි දේවල් නොකරන ලෙස ඔහුට තරයේ අවවාද කර ඇත.

මෙම සිද්ධිය පාසල් සංවර්ධන කමිටුවේ ලේකම් සුරංග බුද්ධික පාසල් මහා සභා රැස්වීමේදීද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් අපචාර ගුරුවරයාගේ නම නොකියා ඔහුව දැඩි ලෙස විවේචනයට ලක් කර ඇත.

එම ගුරුවරයා පාසලේ පස්වැනි ශ්‍රේණියේ දරු දැරියන්ට දිනපතාම අලුයම 5.30 ට විශේෂ පන්තියකට පාසලට පැමිණෙන ලෙස දැනුම්දී, ඔවුන්ට යෝග ව්‍යායාම් කරමින් දැරියන්ගේ අඟපසඟ අතපතගාමින් ස්පර්ශ කරමින් ලිංගික සංසර්ගය ලබා ගැනීමට නිරතුරුව උත්සාහ කර ඇත.

මේ බව අවස්ථා කිහිපයකදීම පාසල් සංවර්ධන කමිටුවේ සාමාජිකාවන් වන සාගරිකා සිරිවර්ධන හා සංගීතා වීරකෝන් යන පාසල් දරුවන් දෙදෙනෙකුගේ මව්වරුන් දැක ඇත. ඉන් විශ්මයට පත් ඔවුහු මේ බව විදුහල්පතිනි ඩබ්ලිව්. එම් .සුරංගනීට සිද්ධිය සම්බන්දයෙන් පැමිණිලි කර තිබේ.

එවිට ඇය මැදිහත්වී මේ ගැන සොයා බලමින් එම අලුයම විශේෂිත යෝග ව්‍යායාම් පන්තිය නැවැත්වීමට නියෝග කර ඇත. එපමණක් නොව, මෙම ගුරුවරයා පාසලේ කාමරයක් වෙන්කර ගෙන එහි ඇතුළත පිටතින් කිසිවකුටත් නොපෙනෙන ලෙස පත්තර කොළ අලවා ආවරණය කර තිබී ඇත.

පාසල් සංවර්ධන කමිටුවේ සාගරිකා සිරිවර්ධන

මේ ගැන විදුහල්පතිවරියට ලැබුණු පැමිණිල්ලක් මත එම කාමරය පරීක්ෂා කර බැලීමේදී දැනගන්නට ලැබී ඇත්තේ පාසල් සිසුවියන් එම කාමරයට රැගෙනවිත් ලිංගික අතවර සිදුකිරීම සඳහා උපයෝගී කරගෙන ඇති බවයි.

මේ ගැන විදුහල්පතිවරිය එම ගුරුවරයාව කැඳවා විමසීමේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ ක්‍රීඩා කරන දරුවන්ට ඇඳුම් මාරු කිරීම සඳහා එම ස්ථානය සකස් කර ඇති බවය.නමුත් ගුරුවරයාගේ හැසිරීම් රටාව සහ ලැබූ ඇති පැමිණිලි පිළිබඳව අවධානය යොමු කළ විදුහල්පතිවරිය වහාම ක්‍රියාත්මක වන පරිදි එම කාමරයේ සියලුම පත්තර කොළ ඉවත් කර සිය අධීක්ෂණ යටතේ තබා ගැනීමට ක්‍රියා කර ඇත.

තවත් අවස්ථාවක මෙම ගුරුවරයා විදුහල්පතිවරියේ කිසිදු අවසරයකින් තොරව පාසලේ සිසුසිසුවියන් පිරිසක් විනෝද චාරිකාවකට රැගෙන ගොස් ලිංගික ස්පර්ශය සඳහා යොදාගත් බවට කරුණු අනාවරණය වී ඇත.

මෙතරම් අපචාර වැඩ සිදුකළ බවට චෝදනා එල්ලවී ඇති එම ගුරුවරයා වහාම පාසලෙන් ඉවත් කර හෝ අනිවාර්ය නිවාඩු යවා පරීක්ෂණයක් පවත්වා ඔහුට එරෙහිව විධිමත් ක්‍රියා මාර්ගයක් ගන්නවා වෙනුවට සිදුවී ඇත්තේ තවදුරටත් ඔහුව පාසැලේ තබාගනිමින් එම ක්‍රියා සිදුකිරීම සඳහා ඔහුට අවස්ථාව සලසා දීමය.

මෙවැනි ස්වභාවයක් තුළ ඉදිරි දිනක පාසැලේ කුඩා දැරියක් මෙම ගුරුවරයා අතින් ගැබ් ගෙන ඇති බවට හෝ දැරියකගේ කන්‍යා භාවයට හානියක් සිදුවී ඇති බවට ප්‍රශ්නයක් මතු වුවහොත්, අනිවාර්යෙන්ම අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම් ජයන්ත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක නිර්මලා ඒකනායක වගකිව යුතුය.

ශ්‍රී ලාල් ප්‍රියන්ත

Similar Posts

Leave a Reply

Your email address will not be published.