ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ හොර රහසේ ගංජා වගා කර විකුණන පුද්ගලයකු බවට පසුගිය දිනක කරුණු අනාවරණය විය. ඒ හම්බන්තොට,මත්තල ප්‍රදේශයේ ගංජා ඉඩමක් පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් වැටලීමත් සමගය. ඒ 2023 ජනවාරි මස 11 වැනිදාය.
එහි අක්කර 2 ,1/2 ක පමණ භූමි භාගයක එළවළු සහ පළතුරු වගා කරන බවට මුවාවී මෙම ගංජා වගාව කර තිබිණි. එහි සරුවට වැවුණු අඩි 4.5 ක් පමණ උස ගංජා ගස් 18,956ක් සොයා ගැනිමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත් විය. එම ඉඩමේ සිටි සූරියවැව ප්‍රදේශයේ පුද්ගලයකුද අත්අඩංගුවට ගැනිණි.
මෙම කරුණ අනාවරණයවීමත් සමග කලබලයට පත් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ එය පිළිගැනීමට කැමැති වූයේ නැත. ඔහු ප්‍රකාශ කර තිබුණේ තමාට අයත් ඉඩමක් වෙනත් කිසිවෙකුට එළවළු සහ පළතුරු වගා කිරීමට බදු දී ඇති බවය. එම පුද්ගලයා ගංජා වගා කර තිබුණේ දැයි, තමන් නොදන්නා ආකාරයේ හැඟවෙන පිළිතුරක් දී තිබිණි.

නමුත් ඕනෑම පුද්ගලයෙක් තමන් සතු දේපළක් තවත් අයකුට බදු හෝ කුලියට දෙන්නේ නම්, එය ලිඛිතව සිදු කරන දෙයකි. එසේනම්, අජිත් රාජපක්ෂ කිසියම් අයකුට එම ඉඩම බදු දුන්නේ නම් ,ඒ බව සනාථ කිරීමේ ලිපිලේඛන ඔහු සතුව තිබිය යුතුය. එහෙත් එවැනි දෙයක් තිබෙන බවට ඔහු තුළින් කිසිදු කරුණක් ඉදිරිපත් වූයේ නැත.
එවැනි පරිසරයක් තුළ ඔහු තමන්ගේ පුද්ගලික ෆේස්බුක් හෙවත් මුහුණු පොතේ සටහනක් යොදමින් ප්‍රකාශ කර ඇත්තේ, ගංජා වගා කර තිබියදී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් සොයා ගන්නා ලද ඉඩම තමන්ට අයත් එකක් නොවන බවය. එම ප්‍රදේශයේ තමන්ට අයත් කිසිදු ඉඩම් කැබැල්ලක් නැති බවද ඔහු ඉන් කියාපාන කරුණකි.
එහි ඔහු තවදුරටත් මෙසේ ප්‍රකාශ කර ඇත.” මා ජනතාවාදී දේශපාලනඥයෙකු ලෙසද, මාගේ පවුලේ සාමාජිකයන් කීර්තිමත් ව්‍යාපාරිකයින් ලෙසද, දශක ගණනාවක් මුළුල්ලේ සමාජය තුළ අතිශය කැපකිරීම් සිදු කර ගොඩනගාගත් සමාජ ගෞරවය ඉතාමත් ඛේදජනක ලෙස බොඳ වී විනාශ වී යන තත්ත්වයක් නිර්මාණය කිරීමට ගත් උත්සාහයක් ලෙස ඔහුගේ නම මෙම ගංජා ඉඩමට සම්බන්ධ කර ඇති බව කියා සිටි.
මෙය බඩ අල්ලාගෙන පැය ගණනක් සිනා ගන්වන කතාවකි. අජිත් රාජපක්ෂ පමණක් නොව ,මුළු පවුලම කීර්තිමත් දේශපාලන හෝ ව්‍යාපාරික පවුලක් ලෙස හැඳින්විය හැකි කිසිදු සාධකයක් අප විසින් කරන ලද සොයා බැලීමකදී අනාවරණය වූයේ නැත. සිය දේශපාලනය අවියක් කරගෙන මිල මුදල් හම්බ කිරීමට ඔහුගේ පවුලේ අය නොකරපු සහ නොකරන දෙයක් නැති පිරිසක් ලෙස බොහෝ දෙනාගෙන් කියවුණු කරුණකි.
මෙවැනි බොහෝ දේවල් අජිත් රාජපක්ෂ සිදුකරනු ලබනුයේ “රාළහාමි ” යනුවෙන් හඳුන්වන සිය සහෝදරයා හරහාය. ඔහු මේ වනවිට කෝටිපතියෙකි. ” රාජපක්ෂ ටුවර්ස් “යනුවෙන් ඹහු සතුව ඇති බස් සංඛ්‍යාවද ඉතා විශාලය. ඒවා දකුණු පළාතේ හම්බන්තොට, තංගල්ල, මාතර ,කතරගම පමණක් නොව, අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹට ද ධාවනය වනු ඇත.
ලොරි, බස්, ටිපර් ඇතුළු වාහන විශාල සංඛ්‍යාවකට හිමිකම් කියන ” රාළහාමි ” නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ දේශපාලන ආනුභාවයෙන් මඩකලපුව ,ත්‍රිකුණාමලය ඇතුළු තවත් බොහෝ ප්‍රදේශ වල වැලි හා පස් කැපීමේ ජාවාරම්වල ද ඉතාමත් ජයටම නියැලී සිටිනු ඇත.

ඔහු සතුව හම්බන්තොට, සූරියවැව,වලසපූර ප්‍රදේශයේ අක්කර 50කට ආසන්න ඉඩමක කෙසෙල් වගාවක් ද ඇත. රජයේ ඉඩම් බලහත්කාරයෙන්, කූට ක්‍රම මගින් හා සිය දේශපාලන බලය යොදා අත්පත් කරගෙන ඇති අතර අජිත් රාජපක්ෂ ගේ පියා වන හිච්චි මහත්තයාට ද, මීට අදාළව එල්ල වන චෝදනා බොහෝය.
එබැවින් අජිත් රාජපක්ෂ පවුල ඔහු කියන ආකාරයේ ශුද්ධවන්ත චරිතවත් පිරිසක් නොවේ.
එපමණක් නොව, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ සෘජුවම සම්බන්ධ වී නිධන් වස්තු මංකොල්ල කෑමේ ක්‍රියාවලියක ද සිටින බවට පැහැදිලි තොරතුරු ඇත. ඒ බව අනාවරණය වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ හුංගම පොලිස් වසමේ මාමඩල පල්ලරොට ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුත් රුහුණු රම්බා විහාරයේ පුරාවස්තු මංකොල්ල කෑමට ඔහු සම්බන්ධ බවට ලිඛිත කරුණු ඉස්මතු වී ඇති බැවිනි.
මෙම මහා පුරාවස්තු මංකොල්ලයට මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, මහින්ද අමරවීර යනාදීන්ගේ දායකත්වය ද ලැබී ඇත. එනම්, මෙම මංකොල්ලය සිදුවී ඇත්තේ ඉතාමත් අපූරු ආකාරයටය. එය කිරීමේ මුල් පියවර තබා ඇත්තේ ” රුහුණු රට මහා චූලපුර රාජකීය රම්බා විහාර සංවර්ධන පදනම ” ට මුවාවීය.
එම සංවිධානයේ සභාපති ශ්‍රී රෝහණ ජනරංජන නාමයෙන් පිදුම් ලැබූ හිටපු ජනාධිපති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂය. එහි උපසභාපතිවරු වන්නේ චමල් රාජපක්ෂ සහ මහින්ද අමරවීර ය. ලේකම් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂය. උපලේකම් මනුෂා ගුණසේකරය. අනුශාසක පූජ්‍ය පල්ලේවෙල මේධානන්ද හිමියෝය. ප්‍රධාන සංවිධායක ලෙස ගාමිණී ප්‍රේමචන්ද්‍ර සහ සංස්කාරක ලෙස සාම විනිසුරු රාජපක්ෂ කටයුතු කර ඇත.

මෙම සංවිධානයේ උපදේශක ලෙස කටයුතු කර ඇත්තේ මහාචාර්ය මැන්දිස් රෝහණධීරය. ඔහුගේ පුතා වූ හරිගුප්තා රෝහණදීර, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරය දරන විට ඔහුගේ නීති උපදේශකයෙක් ලෙස කටයුතු කළේය. ඔහු 2010 දී අංක 22 යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කර පරාජයට පත්විය. ඔහුගේ බිරිඳ වන කුෂාණි රෝහණධීර මේ වනවිට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්වරිය ලෙස කටයුතු කරන්නීය.
දකුණු පළාතේ ඉතාමත් ඓතිහාසික වටිනාකමකින් යුත් පුරාවිද්‍යා භූමියක් වන රුහුණේ රම්බා විහාරස්ථානයේ පුරාවස්තු මංකොල්ලකෑම , ” රුහුණු රට මහා චූලපූර රාජකීය රම්බා විහාර සංවර්ධන පදනම ” හරහා දියත් වූවා යැයි ප්‍රකාශ කළහොත් සමහරු එය එතරම් පිළිනොගැනීමටද පුළුවන. ඒ වෙන කිසිවක් නිසා නොව, එම සංවිධානය තුළ මහාචාර්යවරු, සමාජය පිළිගත් හිමිවරු ඇතුළු පිරිස් ද තනතුරු දරා සිටීම නිසාය.
නමුත් සත්‍ය වශයෙන්ම එම සංවිධානය හරහා මෙම පුරාවස්තු මංකොල්ලය සිදුකර ඇත. එම සංවිධානයේ අනුමැතියට යටත්ව එය සිදුකිරීමේ වගකීම පවරා ඇත්තේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂටය. එයට යම් හේතුවක් ද තිබිණි. එනම්, හුංගම රුහුණු රම්බා විහාරස්ථානය ආසන්නයේ අජිත් රාජපක්ෂට අයත් ඉඩමක් ඇත.
එම ඉඩමට මාර්ගයක් ඉදිකරන මුවාවෙන් බැකෝ යන්ත්‍ර යොදා ගෙන රම්බා විහාරස්ථානයේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගනිමින් පස් කපමින් කැණීම් සිදුකරමින් පුරාවස්තු මංකොල්ලකෑමේ මෙහෙයුමක් දියත්විණි. ඉන් මිල කළ නොහැකි අධික වටිනාකමකින් යුත් බොහෝ පුරාවස්තුවලටද අලාභානි සිදු වී තිබිණි.
මෙම මහා අපරාධය වහාම නවතන ලෙස හුංගම පොලිස් ස්ථානයට පැමිණිලි තුනක් ලැබිණි. පළමු පැමිණිල්ල ලැබුණේ ගාල්ල, කොටුව පුරාවිද්‍යා කාර්යාලයේ කාර්මික නිලධාරි ලෙස සේවය කළ අතුල මහින්ද විජේසූරිය ගෙනි. ඒ 2005 සැප්තැම්බර් මස 1 වැනිදාය.
දෙවැනි පැමිණිල්ල ලැබුණේ ජනතා විමුක්ති පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස කටයුතු කළ නිහාල් ගලප්පත්ති ගෙනි. ඒ 2005 නොවැම්බර් මස 5 වැනිදාය. ඔහු 119 පොලිස් හදිසි ඇමතුම් අංශයටද කතාකර මේ පිළිබඳව පැමිණිල්ලක් කළේය.
ඊළඟ පැමිණිල්ල සිදුකළේ ඇල්පිටිය, කහදුව,පූරාවිද්‍යා නිලධාරී ලෙස කටයුතු කළ සිරිපාල විජේසේකරය .ඒ 2005 නොවැම්බර් මස 9 වැනිදාය. නමුත් මේ කිසිම පැමිණිල්ලක් විභාගයක් කර නිදන් මංකොල්ලයට එරෙහිව නිසි පියවරක් ගැනීමට හුංගම පොලීසිය කටයුතු කළේ නැත.ඒ රාජපක්ෂවරුන් ගෙන් පොලීසියට එල්ල වී තිබූ බලපෑම් නිසාය.
පොලිසියට එම පැමිණිලි ලැබී තිබුණේ ,පුරාවිද්‍යා රක්ෂණ වනාන්තරය බැකෝ යන්ත්‍ර දමා විනාශ කිරීම, විහාර භූමියේ වැලි කැපීම, අනවසරයෙන් පාරක් ඉදිකිරීම ,අනවසරයෙන් මාර්ගයක් කැපීම උදෙසා විහාරභූමිය යොදා ගැනීම, විහාරස්ථානයේ නිදන් මංකොල්ලකෑම යනාදී ලිපි ශීර්ෂ යටතේය.
මේ පිළිබඳ ඒ වනවිට දකුණු පළාත භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ඩී.ඩබ්ලිව් ප්‍රතාපසිංහට පැමිණිලි ලැබී තිබූ අතර ඔහු ද ඒ සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් දැක්වූයේ නැත. ඒ ඔහු උග්‍ර මහින්ද රාජපක්ෂ වාදියෙකුව සිටි බැවිනි. පසුව ඩී.ඩබ්ලිව් ප්‍රතාපසිංහ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් දකුණු පළාත් සභා මැතිවරණයට තරග කර පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙසද තේරී පත්විය.
මෙම නිධන් මංකොල්ලය සිදු කරනවිට නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ කටයුතු කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙසය. ඒ වනවිට 2005 නොවැම්බර් මස 17 වැනි දිනට අදාළ ජනාධිපතිවරණයද ආසන්න වී තිබිණ.
එම සටනේ ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස කරට කර සිටියේ මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහය. බොහෝ අය විශ්වාස කළේ රනිල් වික්‍රමසිංහ මැතිවරණයෙන් ජනාධිපති ධුරයට පත්වනු ඇති බවය. එවැනි තත්වයක් ඉස්මතු වුවහොත්, තමන්ගේ නිදන් මංකොල්ලය නිසිලෙස කරගෙන යෑමට අපහසු වේයැයි සිතූ,අජිත් රාජපක්ෂ සිදු කළේ ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂයට බැඳී රනිල් වික්‍රමසිංහ අතින් එහි සාමාජිකත්වය ලබා ගැනීමය.
නමුත් එම සටනෙන් රනිල් වික්‍රමසිංහ පරාජය වි මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් විය. යළිත් අජිත් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂලා සමග එකතු වී රම්බා විහාරස්ථානයේ නිදන් මංකොල්ලකෑමේ ඉදිරි පියවර යළිත් ඇරඹීය.
එවිට මේ පිළිබඳ තවත් පැමිණිල්ලක් 2006 ජනවාරි මස 3 වැනිදා ගාල්ල ,කොටුව, පුරාවිද්‍යා පර්යේෂණ සහකාර නිලධාරී ලෙස කටයුතු කළ සුමේධ ජයවිලාල් පණ්ඩිතරත්න ගෙන් ඒ වනවිට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධුරය දැරූ සෙනරත් දිසානායකට ලැබිණි. ඔහු ඒ ගැන කරුණු සලකා බලා තවත් කරුණු එකතු කරමින් ඒ වනවිට නීතිපති ධූරය දැරූ කේ.සී.කමලසබේසන්ට පැමිණිලි කෙරිණි.
ඔහු මේ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස ඒ වනවිට පොලිස්පති ධුරයේ කටයුතු කළ දැනට ජාතික පොලිස් කොමිසමේ සභාපති ධුරය දරන චන්ද්‍රා ප්‍රනාන්දු වෙත දැන්වීය.ඒ අනුව ඔහු මේ ගැන පරීක්ෂණයක් කිරීමට දකුණු පළාත් භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජයන්ත වික්‍රමරත්නට ප්‍රකාශ කළේය.
නීතිපති කේ ,සී .කමලසබේසන් මෙයට මැදිහත් වූ බැවින් පොලීසියට ඒ ගැන පරීක්ෂණයක් නොකර බැරි තත්වයක් උදා විය. එබැවින් එහි පරීක්ෂණ කටයුතු පැවරුණේ , එවකට තංගල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි ධූරය දැරූ පසුව නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස්වීම් ලැබූ එම්.කේ.සුගතදාස වෙතය.ඔහු මේ පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් ඇරඹිණි.
නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ ගෝලබාලයන් යොදා ගෙන බැකෝ යන්ත්‍ර මගින් සිය ඉඩමට පාරක් කැපීමේ මුවාවෙන්, මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ යනාදීන් ගේ අනුග්‍රහය ඇතුව ඓතිහාසික වටිනාකමකින් යුත් රම්බා විහාරස්ථානයේ පුරාවස්තු වලට හානි සිදුකරමින් කරන මංකොල්ලය පිළිබඳව පූර්ණ වාර්තාවක් සැකසීමය.

එම පරීක්ෂණයෙන් හෙළි වූ කරුණු වලට අනුව රම්බා විහාරස්ථානයේ තිබෙන ඉතාමත් වටිනා ” ගල් පොකුණ ” මෙම මංකොල්ලකරුවන් විසින් පැහැර ගැනීමට උත්සාහ දරා ඇතත්, එය ව්‍යාර්ථ වී ඇත. නමුත් ඒ තුළින් එයට සිදුවී ඇති අලාභය ඉතා විශාල බව කියැවෙයි.
මෙම අපරාධයට අදාළ ඡායාරූප සහිතව පරීක්ෂණ වාර්තාව පොලිස්පතිව සිටි චන්ද්‍රා ප්‍රනාන්දු වෙත භාරදුන්නා ද ඊට එහා ගත් ක්‍රියාමාර්ගයක් නැත. නිවැරදි ආකාරයට නම්,1998 අංක 24 දරණ පුරාවස්තු පනතේ 15 වන වගන්තියට අනුව පුරාවස්තු මංකොල්ල කෑම ,විනාශ කිරීම ඇප දිය නොහැකි වරදකි.
නමුත් මහින්ද රාජපක්ෂගේ ආනුභාවයෙන් ඒ සියල්ලෙන් වැළකී අදත් යහතින් සිටින්නේ එදා ඒ අපරාධයට හවුල් අජිත් රාජපක්ෂය. අද පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය දරමින්, රටේ සිදුවන අපරාධ මර්දනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදනය කරන්නේ මේ වගේ අයද ? මහජනතාව තමන්ගේ වටිනා ඡන්දය ලබාදී පාර්ලිමේන්තුවට යවා තිබෙන්නේ මේ වගේ පුරාවස්තු මංකොල්ල කන මංකොල්ලකරුවන්වද ?
තමන්ට අයත් අක්කර දෙකහමාරක ගංජා ඉඩමක් පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් වැටලූ බවට ප්‍රචාරය වූ විට එය තමන්ගේ නොවේ යැයි ප්‍රකාශ කරමින්, තමාත් තම පවුලත් ගෞරවනීය ඉතිහාසයකට හිමිකම් කියන කීර්තිමත් දේශපාලන හා ව්‍යාපාරික පවුලකින් පැවත එන්නේ යැයි කියන්නේ මේ වගේ පුරාවස්තු මංකොල්ල කන කොල්ලකරුවන්ද ?
අනේද …සාමී…
ශ්‍රී ලාල් ප්‍රියන්ත