ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දී තිබේ. ඔහු මන්ත්‍රීවරයකු ලෙස පත් කිරීමට එරෙහිව පාර්ශ්ව ගණනාවක් අධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළහ.

එම පෙත්සමක් මගින් ඔවුන් පෙන්වා දුන්නේ රජය සමග ව්‍යාපාරික ගනුදෙනු කරන පුද්ගලයකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ඉදිරිපත්වීමට අවස්ථාව නැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන බවයි. මීට පෙර රාජිත සේනාරත්න මහතාට එරෙහිව පැවැති නඩුවකදී රජය සමග ව්‍යාපාරික ගනුදෙනු කිරීමේ චෝදනාව මත ඔහුට මන්ත්‍රී ධුරය අහිමි වූ බවද එම පාර්ශ්ව පෙන්වා දුන්හ.

එසේම ජාතික ලැයිස්තුවේ නම සඳහන් නොවන, එමෙන්ම මැතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් නොවූ පුද්ගලයකුට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයට පත් විය නොහැකි බවද ඔවුහු පෙන්වා දුන්හ.

කෙසේ වෙතත් අධිකරණයේ තීරණය වූයේ ධම්මික පෙරේරාට මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දිය හැකි බවයි. නීති විරෝධී ලෙස එංගලන්තයේ සායනික අපද්‍රව්‍ය මෙරටට රැගෙන ඒම, රතුපස්වල භූගත ජලයට විෂ මිශ්‍ර කිරීම, කෝටි ගණනින් බදු වංචා කිරීම ඇතුළු මෙරට ජනජීවිතයට හානිකර කටයුතු රාශියක් පිළිබඳව ධම්මික පෙරේරා චෝදනා ලබා සිටී.

Similar Posts

Leave a Reply

Your email address will not be published.