ජනතාවගේ කෝපයට ලක්වී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිය ධුරයෙන් ඉවත්වන ලෙස බළකරන අරගලකරුවන්ට පහරදුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක ලක්ෂ තුනහමාරක මුදලක් අල්ලස් ලබා ගෙන ඇත.

පස්, වැලි, ගල්, දැව ජාවාරම් කර අති විශාල මුදල් ධනස්කන්ධයක් හිමි කෝටිපති ව්‍යාපාරිකයෙකු ලෙස දැනට වැජඹෙන පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක තමන් සතු කිරිඳිවැල ප්‍රදේශයේ පවතින සුවිසල් ගොඩනැගිල්ලක්ද රජයට කුලියට ලබා දෙමින් එහි දැනට සතොස වෙළඳ සැලක් පවත්වා ගෙන යනු ලැබේ.

තම බලය අයුතු ලෙස යොදා ගනිමින් ව්‍යාපාර කටයුතු සිදු කරන මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා 2022 මැයි මස 9 වැනිදා ගෝල්පේස් අරගලකරුවන්ට ප්‍රසිද්ධියේම පහර දෙන අය අතර සිටි ප්‍රධාන මැරයෙකි.

එදින,හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ රැස්වීමෙන් පසු අරලියගහ මන්දිරයේ සිට පා ගමනින් තවත් මැරයින් 1000 ක් පමණ පිරිසක් සමග ” මයිනා ගෝ ගමට සහ ගෝඨා ගෝ ගමට ” කඩාවැදී ඉතාමත් අමානුෂික ලෙස එම අරගලකරුවන්ට පොලු මුගුරුවලින් සහ කැති මන්න වලින් පහරදුන් පිරිස අතර මිලාන් ජයතිලක රතුපාට කමිසයකින් සහ කළු පාට කලිසමකින් සැරසී පොල්ලකින් අරගලකරුවන්ට දිගට හරහට පහරදෙන අයුරු මාධ්‍ය තුළ පවා ඉතාමත් පැහැදිලිව දිස්විය.

එම සිද්ධියට එරෙහිව රටේම ජනතාව තුළින් එල්ල වූ දැඩි විරෝධය හමුවේ නීතිපති සංජය රාජරත්නම්ගේ නියෝග මත පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් මේ ගැන පූර්ණ පරීක්ෂණයක් පවත්වා සිද්ධියට අදාළ අපරාධකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට නියෝග කරනු ලැබීය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් මැර ප්‍රහාරයට සෘජු දායකත්වය සැපයූ ග්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක ඇතුළු තවත් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ මිලාන් ජයතිලක වැලිවේරිය ප්‍රදේශයේ පුද්ගලයකුට ගල්කොරියක් පවත්වාගෙන යෑම සඳහා බලපත්‍රයක් ලබාදීමට ලක්ෂ තුනහමාරක අල්ලස් මුදලක් ඉල්ලා ඇත.

මේ පිළිබඳව එම පුද්ගලයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කිරීමෙන් පසු එම කොමිසම පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර එකී අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේදී මිලාන් ජයතිලකව අත්අඩංගුවට ගැනීමට එම කොමිසම සමත් වී ඇත.

ඉන් අනතුරුව ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් දිගුකලක් ඔහුට රිමාන්ඩ් භාරයේ පසුවීමට සිදුවිය.

දොම්පේ ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රාදේශිය සභා සභාපතිවරයා ලෙස සිටියදී ඔහු මෙම අල්ලස් මුදල ලබාගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු ඇප මත නිදහස් වී සිටියදී, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගෙන ඊට සම්බන්ධ විය.

ඉන්පසු ඔහු 2020 අගෝස්තු මස 17 වැනිදා පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් තරග කර පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත් විය.

අල්ලස් හෝ දුෂණ චෝදනා ඇති දූෂිතයන්ව පාර්ලිමේන්තුවට නොව ,සිරගත කළයුතු ස්වභාවයක් තුළ ජනතාව සිදු කළේ ඔහුව වැඩිම මනාපයෙන් තමන්ගේ නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තුවට යැවීමය. මෙහි වරද කාගේද ? මිනිසුන් මෙතරම් දුරදිග නොබලා වැඩ කරන මෝඩයින් පිරිසක් බවට පත්වී ඇත්තේ ඇයි ?

පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය ආභරණයක් කර ගත් මිලාන් ජයතිලක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හරහා අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාව මගින් පැවරූ මෙම නඩුව ඉවත් කර ගැනීමේ උත්සාහයක නියැළී ඇත.අපේ රටේ තත්ත්වය මෙය නම් ,රටට යන කළදසාව සිතාගත හැකියි නේද ?

Similar Posts

Leave a Reply

Your email address will not be published.