උතුරු දූපත්වල සිදු කිරීමට නියමිත පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය ඉන්දියාවේ අදානි සමාගමට දෙන ලෙස ඉන්දීය අගමැතිවරයා බලපෑම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමා වෙත දැනුම් දෙන ලදැයි ලංකා විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපති එච්.එම්.සී. ෆර්ඩිනැන්ඩෝ කෝප් කමිටුවේදී කළ හෙළිදරව්ව දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක් නිර්මාණය කර ඇතැයි වාර්තා වේ.

තමන් මානසික ආතතියකින් සිටි නිසා ඉන්දීය අගමැතිවරයා යැයි කියවුණේ යැයි කියමින් හිටපු සභාපතිවරයා සිය ප්‍රකාශය ඉල්ලා අස් කර ගෙන සමාව ගත් අතර තමන් එවැන්නක් ප්‍රකාශ නොකළ බව ජනාධිපතිවරයා සිය මාධ්‍ය ඒකකය හරහා නිවේදනයක් නිකුත් කළේය.

කෙසේ වෙතත් විශ්ලේෂකයන්ගේ අදහස වන්නේ ජනාධිපතිවරයා විසින් නොකියන ලද්දක් විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපතිවරයා ප්‍රකාශ කරනු ඇතැයි සිතීම උගහට බවයි.

ඉන්දියාව විසින් ලංකාවට ලබා දුන් ඉන්ධන ණය සහනය මේ වන විට අවසන් වී තිබෙන අතර ඒ යටතේ ලැබුණු අවසන් ඩීසල් නෞකාව පසුගියදා මෙරටට ළඟා විය. තවත් ඩොලර් මිලියන 500ක ණය සහනයක් ලබා ගැනීමට ලංකාවේ ආණ්ඩුව අපේක්ෂා කළත් එම සාකච්ඡා මේ වන විට අර්බුදයට පත්ව තිබෙන බවත් ඊට ඉහත ප්‍රකාශය බලපා තිබෙන බවත් කතාබහට ලක්ව තිබේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published.