යූරියා පොහොර මෙට්ට්‍රික් ටොන් 65,000 ක් මිලදී ගැනීම සඳහා ඉන්දියාව ණය මුදලක් ලබාදී තිබේ. ඩොලර් මිලියන 55 ක් වන එම ණය මුදල ලබා ගැනීම සඳහා වන ගිවිසුමකට මුදල් අමාත්‍යංශය සහ ඉන්දීය එක්සිම් බැංකුව අද අත්සන් කළේය. යල කන්නයේ යූරියා අවශ්‍යතාව වෙනුවෙන් මෙම මිලදී ගැනීම් සිදු කිරීමට නියමිතය.
එම ගිවිසුම අත්සන් කිරීමෙි අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් එච්.ඊ. ගෝපාල් බග්ලේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහත්වරු සහභාගී වූහ. මුදල් අමාත්‍යාංශයේ ලේකම් එම්.සිරිවර්ධන ඉන්දීය එක්සිම් බැංකුවේ සාමාන්‍යාධිකාරී නිර්මිත් නරේන්ද්‍ර වෙඩ් ගිවිසුමට අත්සන් කරනු ලැබිණි.