නිවසේ සුරතලයට ඇති දැඩි කරන ලද බල්ලා සමග ලිංගිකව හැසිරුණු බවට රට තුළ මහත් ආන්දෝලනයකට ලක්වී ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශකවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ආශු මාරසිංහගේ නිවසේ සේවය කළ මෙහෙකාර කාන්තාවට භික්ෂූන් වහන්සේ නමක් බලහත්කාරයෙන් ලිංගික අතවර කර ඇත.

මෙම සිද්ධිය පිළිබඳව එම කාන්තාව බොරැල්ල පොලීසියට 2022 දෙසැම්බර් මස 9 වැනිදා පැමිණිලි කර ඇත. එමගින් ඇය ප්‍රකාශ කර ඇත්තේ, පූජ්‍ය වැලිවිටියේ චන්ද්‍රසිරි හිමි තමන්ට මෙලෙස බලහත්කාරයෙන් ලිංගික අතවර සිදුකළ බවය.

ඒ අනුව මේ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බොරැල්ල පොලීසිය එම භික්ෂූන් වහන්සේගෙන් ලිංගික අතවරයට අදාළ කටඋත්තර ලබාගෙන එම භික්ෂුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

වැලිවිටියේ චන්ද්‍රසිරි හිමි

මහාචාර්ය ආශු මාරසිංහ සුනඛයෙකු සමග ලිංගිකව හැසිරුණු බවට ප්‍රසිද්ධියේ චෝදනා එල්ල කළ ඔහුගේ පෙම්වතිය වන ආදර්ශා කරඳන ගෙන්ද බොරැල්ල පොලීසිය මෙම සිද්ධිය පිළිබඳව ප්‍රශ්න කර කටඋත්තර ලබාගෙන ඇති බව කියැවෙයි.

එක් පැත්තකින් මහාචාර්ය ආශු මාරසිංහ ජනාධිපති උපදේශක ලෙස කටයුතු කරමින් ඔහුගේ පෙම්වතිය වන ආදර්ශා කරඳන සමග එකතුවී අහිංසක තරුණ තරුණියන් රවටා ජපානයේ යවන බවට පොරොන්දුවී මුදල් වංචා කර ඇත.

අනෙක් පැත්තෙන් ඔවුන් දෙදෙනා නියෝජනය කරන Global Skills Development Academy නමැති ආයතනයට රජයේ ඉඩම් අක්කර 20ක් සිය දේශපාලන බලය යොදා ලබාගැනීමට මහාචාර්ය ආශු මාරසිංහ කටයුතු කර තිබේ.

තව පැත්තකින් සිය නිවසේ ඇති දැඩි කරන සුරතල් බල්ලා සමග මහාචාර්ය ආශු මාරසිංහ අසංවර ලෙස හැසිරුණු බවට චෝදනා එල්ල වී ඇත. එයින් නොනැවතුණු, පූජ්‍ය වැලිවිටියේ චන්ද්‍රසිරි හිමි නමැති භික්ෂුව ආශු මාරසිංහගේ නිවසේ මෙහෙකාරියටද අතවර කර ඇත.

එපමණක් නොව, සජිත් ප්‍රේමදාස නායකත්වය දරන සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ සමග එකතුවී මත්පැන් පානය කර කිසියම් සැකසහිත අයුතු ක්‍රියාවලියක ආශු මාරසිංහගේ පෙම්වතිය වන ආදර්ශා කරඳන නියැලුණු බවටද මේ වනවිට සමාජය තුළ ප්‍රබල කතාබහක් මතුවී ඇත.

ඒ බුද්ධික පතිරණ සහ ආදර්ශා කරඳන අතර සිදු වූ බව කියන හඬපටයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස සංසරණයවීම තුළය. ඔහු නිරතුරුව සමාජය තුළ පෙනී සිටින්නේ තමා කිසිදු දිනක මත්පැන් පානය නොකරන ඉතාමත් ශුද්ධවන්ත චරිතයක් ලෙසය.

එහෙත් එම හඬපටයට දැඩි විමසිල්ලෙන් යුතුව සවන් දුන්නොත්, පෙන්නුම් කෙරෙන්නේ, බුද්ධික පතිරණ සමාජයට එක මුහුණත් පෙන්වා තිරය පිටුපස වෙනම රංගනයක නියැළෙන බවය. යහපත් රටක් ඇති කරන බවට වේදිකා ගානේ දිවුරා ප්‍රකාශ කර හැසිරෙන දේශපාලඥයන්ගේ ස්වභාවය මින් පෙනෙනවා නේද ?

රනිල් වික්‍රමසිංහ කඳවුරේ මහාචාර්ය ආශු මාරසිංහ හා සජිත් ප්‍රේමදාස කඳවුරෙහි බුද්ධික පතිරණලා සුනඛයන් සමග අයුතු ලෙස හැසිරීමින්, මූල්‍ය වංචා කරමින්, ජනතාවගේ ඉඩම් කොල්ලකමින්, ආදර්ශා කරඳන සමග තවත් සැක කටයුතු දේවල් වල නියැලෙමින් සිදුකරන මෙවැනි දේශපාලඥයන් පිළිබඳව මහජනතාව තවදුරටත් විශ්වාසය තබා රැවටිය යුතුද ?

සුමුදු මධුරංග

Similar Posts

Leave a Reply

Your email address will not be published.